පෞද්ගලික අංශයේ වැටුප් වැඩි කිරීම තවත් මහින්ද චින්තන සිහිනයක් පමණයි - නීතීඥ ශිරාල් ලක්තිලක

පෞද්ගලික අංශයේ සේවකයින්ට සියයට 20 ක වැටුප් වැඩි කිරීමක් ලබාදෙන බවට රජය කරන ප‍්‍රකාශයන්ගේ කිසිඳු සත්‍යතාවයක් නොමැති බව එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත‍්‍රී ධූර අපේක්ෂක නීතීඥ ශිරාල් ලක්තිලක මහතා පවසනවා. පෞද්ගලික අංශයේ වැටුප් මැයි මස 1 වැනිදා සිට වැඩි කිරීමට රජය ගෙන ඇති තීරණය තවත් එක් ඡුන්ද ගුණ්ඩුවක් පමණක් බවයි ශිරාල් ලක්තිලක මහතා ප‍්‍රකාශ කළේ. පෞද්ගලික අංශයේ සේවකයින් සම්බන්ධයෙන් කිසිඳු සොයාබැලීමක් නොකල වත්මන් ආණ්ඩුව ජී. එස්. පී. ප්ලස් බදු සහනය අහිමි කරමින් ලක්ෂ සංඛ්‍යාත පෞද්ගලික සේවකයින්ගේ රැුකියා ද අහිමි කරමින් සිටින බව ශිරාල් ලක්තිලක මහතා චෝදනා කරනවා. ජනාධිපතිවරණ සමයේද මේ ආකාරයටම පෞද්ගලික අංශයේ සේවකයින්ට ලබාදුන්න ද මෙතෙක් ඒ කිසිවක් ඉටුනොකළ රජය දැන් මහමැතිවරණය ඉලක්ක කර ගනිමින් පෞද්ගලික සේවකයා රැුවටීමේ උත්සාහයක යෙදී සිටින බව ද නීතීඥ ශිරාල් ලක්තිලක මහතා මෙහිදී සඳහන් කර සිටියා.