(January 25, Colombo, Sri Lanka Guardian) විපක්ෂ නායක, එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්රමසිංහ මහතාගේ නිවස පරීක්ෂා කිරීමට මහින්ද රාජපක්ෂ ආණ්ඩුව ගත් උත්සාහය දැඩි පිළිකුලෙන් යුතු හෙලා දකිමු. විජයග්රාහී පොදු අපේක්ෂක ජෙනරාල් සරත් ෆොන්සේකා මහතාහට සහය දක්වන, එතුමාගේ ජයග්රහණය වෙනුවෙන් මහත් කැපකිරීම් කරන විපක්ෂ නායකවරයාගේ නිවස පරීක්ෂා කිරීමට රජය ගත් උත්සාහයෙන් පැහැදිලි වන්නේ රට තුළ දේශපාලනය කිරීමට තිබූ ප්රජාතන්ත්රවාදී අයිතිය සම්පුර්ණයෙන්ම අහෝසි වි ගොස් ඇති බවයි.
මැතිවරණය ආරම්භයේ සිටම අවාස්ථා ගණනාවකදීම දේශපාලන පක්ෂ නායකයින්ට හා නියෝජිතයින්ට මේ ආකාරයෙන් තර්ජන එල්ල වු අතර ඒවාට මුහුණ දෙමින් ජයග්රහනය දක්වා ගමන මෙහෙයවීමට අපට හැකියාව තිබෙන බව මතක් කර දෙන අතර මෙවැනි පහත් පෙලේ කි්රයාදාමයන් තුළින් ජෙනරාල් සරත් ෆොන්සේකා මහතාගේ විජයග්රහණය යලි හැරවිය නොහැකි බවත් අප තරයේ අවධාරණය කර සිටිමු. -Sri Lanka Guardian
Home Unlabelled විපක්ෂ නායක රනිල් වික්රමසිංහ මහතගේ නිවස සෝදිසි කිරීමට ගත් උත්සාහය දැඩි පිළිකුලෙන් යුතුව හෙලා දකිමු.
විපක්ෂ නායක රනිල් වික්රමසිංහ මහතගේ නිවස සෝදිසි කිරීමට ගත් උත්සාහය දැඩි පිළිකුලෙන් යුතුව හෙලා දකිමු.
By Sri Lanka Guardian • January 25, 2010 • • Comments : 0
Subscribe to:
Post Comments
(
Atom
)
Post a Comment