හමුදා නිලධාරීන් යොදාගනිමින් කිලිනොච්චි ද්‍රවිඩ ජනයාගේ ඡුන්දය කොල්ලකෑමට ගන්නා උත්සාහය වහා නවතනු.

(January 25, Colombo, Sri Lanka Guardian) උතුරු පළාතේ කිලිනොච්චි දිස්ති‍්‍රක්කයේ ඡුන්දය කොල්ලකෑම සඳහා ජෙනරල් හතුරුසිංහ ඇතුලූ හමුදා නිලධාරීන් පිරිසක් යොදවා තිබෙන බවට තොරතුරු වාර්තා වෙනවා. ඒ අනුව අද උදෑසන සිට මෙම කණ්ඩායම විසින් වව්නියාවේ සිට බස්රථ යොදාගනිමින් අහිංසක දෙමළ ජනයා කිලිනොච්චි දිස්ති‍්‍රක්කයට රැගෙන යමින් සිටිනවා.

මෙලෙස රැගෙන යන ජනතාව යොදාගනිමින් කිලිනොච්චි දිස්ති‍්‍රක්කයේ ඡුන්ද යම් ප‍්‍රමාණයක් භාවිතා කිරීමට අවස්ථාව ලබාදී පසුව ඉතිරි ඡුන්ද සියල්ලම වත්මන් ජනාධිපතිවරයාට වාසිදායක වන ලෙස භාවිතා කිරීමට එම හමුදා නිලධාරියා ඇතුලූ පිරිස උත්සාහයක යෙදී සිටින බවට වාර්තා වෙනවා. තිස්වසරක යුද්ධය අවසන් වීමෙන් පසු ප‍්‍රජාතන්ත‍්‍රවාදී අයිතිවාසිකම් වෙනුවෙන් රටේ ජනාධිපතිවරයා තෝරා ගැනීමට අහිංසක දෙමළ ජනයාට ලැබෙන අවස්ථාව ඉතා පහත් ලෙස ආරක්‍ෂක අංශ යොදා ගනිම්න් කොල්ලකෑමට ගන්නා උත්සාහය වැලක්වීම සඳහා අදාල නිලධාරීන් කි‍්‍රයාකරනු ඇති බව අපි තරයේ විශ්වාස කරමු.

-Sri Lanka Guardian