(January 26, Colombo, Sri Lanka Guardian)අද රාති්‍රයේ මැතිවරණ නිරීකෂණ කටයුතු සඳහා උතුරු පළාත බලා ගමන් කරමින් තිබූ බස් රථයක් රජයේ බලපෑම මත ගොකරැල්ල පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබුවා. මෙවුන් සතුව ආයුධ තිඛෙන බව පවසමින් අත්අඩංගුවට ගත් මෙම පිරිස තවමත් පොලීසිය තුළ රඳවාගෙන ප්‍රශ්න කරමින් සිටින්නේ උතුරේ ඡන්දය කොල්ලකෑම සඳහා රජයේ වැඩපිළිවෙල සාර්ථක කර ගැනීම සඳහායි.
මේ අතර රාජ්‍ය මාධ්‍ය මෙම සිද්ධිය වැරදි ලෙස අර්ථකථනය කරමින් විශේෂ පුවත් ඔස්සේ වාර්තා කරන්නේ මෙම පිරිස යම් මැතිවරණ ප්‍රචණ්ඩ කි්‍රයාවක් සඳහා ගමන් කරමින් සිටි බවයි. මීට ස්වල්ප මෙහොතකට පෙර ජාතික රූපවාහිනියේ විශේෂ පුවත් ඔස්සේ මෙම සිද්ධිය වාර්තා කළ අතර එහි වැඩිදුර විස්තර දැන ගැනීම සඳහා සම්බන්ධ කර ගත්තේ එක්සත් ජාතික පකෂයෙන් පැනගොස් ජනාධිපති ඝාතනයට කුමන්ත්‍රණය කළ කැබිනට් අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතායි. සාමන්‍යයෙන් මෙවන් අත්අඩංගුවට ගැනීමකදී එහි තොරතුරු දැන ගැනීම සඳහා සම්බන්ධ කරගත යුත්තේ පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා නමුත් අද ඔහුගේ කාර්යය භාරය පවා රාජපකෂ අමාත්‍යවරුන් අතට ගැනීම මුලූ ජාතියේ අවසනාවක් බව අප අවධාරණය කරමු. -Sri Lanka Guardian
Home Unlabelled රජයේ පොලිස් මාධ්‍ය ප්‍රකාශක තනතුරේ වගකීම ඇමති ජොන්ස්ටන් අතට ගනී.
රජයේ පොලිස් මාධ්‍ය ප්‍රකාශක තනතුරේ වගකීම ඇමති ජොන්ස්ටන් අතට ගනී.
By Sri Lanka Guardian • January 26, 2010 • • Comments : 0
Subscribe to:
Post Comments
(
Atom
)
Post a Comment