ද්‍රවිඩ ජනයා රැුවටීමට රජය ගන්නා උත්සාහය දැඩි පිළිකුලෙන් යුතු හෙලා දකිමු.

(January 22, Colombo, Sri Lanka Guardian) පරාජය අභිමුව සිටින මහින්ද රාජපක්‍ෂ ජනාධිපතිවරයා ද්‍රවිඩ ජනයා මුලාවේ දැමීම සඳහා වැරදි ලෙස මුද්‍රණය කරන ලද ඡුන්ද පත‍්‍රිකාවට සමාන ආකෘතිමය පති‍්‍රකාවක් උතුරු ප‍්‍රදේශයේ ස්ථාන කිහිපයකම බෙදාහරිමින් සිටින බවට තොරතුරු වාර්තා වෙනවා. මෙම ආකෘතිමය ඡුන්ද පත‍්‍රිකාවේ ජෙනරාල් සරත් ෆොන්සේකා මහතාගේ ඡුන්ද ලකුණ වන හංසයා වෙනුවට උකුස්සෙකුගේ ලකුණ යෙදා මුද්‍රණය කර තිබෙනවා. අද (22* උදෑසන 08.00 පැයට කටුනායක සිට යාපනය දක්වා මෙම අකෘතිමය ඡුන්ද පත‍්‍රිකා හොර රහසේම රැුගෙන ගිය අතර මේ වන විට යාපනය කයිට්ස් අතුළු ප‍්‍රදේශ කිහිපයක මෙම පති‍්‍රකා බෙදාහරිමින් සිටින බවට අපට වාර්තා වී තිබෙනවා. උතුරු පළාතේ ද්‍රවිඩ ජනයා මුලා කිරීම සඳහා මෙතුළින් රජය අසාර්ථක උත්සාහයක යෙදී සිටිනවා. තිස් වසරක යුද්ධයෙන් බැටකෑ ද්‍රවිඩ ජනයා එයින් මුදා ගනිමින් රටට ජාතියට නායකත්වය ලබාදුන් ජෙනරාල් සරත් ෆොන්සේකා මහතා රට නව මාවතකට යොමු කිරීම සඳහා වර්තමානයේ ගෙනයමින් සිටින සැබෑ ජනතාවාදී ගමනට අකුල් හෙලමින් ද්‍රවිඩ ජනයා නැවත බෙදා වෙන්කිරීමට රජය ගන්නා මෙම උත්සාහය දැඩි පිළිකුලෙන් යුතුව අප හෙලා දකින අතර ජනාවාරි 26 වෙනිදා පැවැත්වෙන ජනාධිපතිවරණයේදි ජෙනරාල් සරත් ෆොන්සේකා මහතාගේ ජයග‍්‍රහණය කිසිවෙකුටත් වැලැක්විය නොහැකි අතර එය රටේ සිංහල, දෙමළ, මුස්ලිම්, බර්ගර්, මැලේ ඇතුලූ සියලූම ජන කොටස් හොඳින්ම දන්නා බවත් අප විසින් රජයට මතක් කරදීමට කැමැත්තෙමු.

-Sri Lanka Guardian