ආණ්ඩුවේ භිෂණය නිදහස් හා සාධාරණ මැතිවරණයකට වැට බදී.

(January 22, Colombo, Sri Lanka Guardian) විශ්වාසනීය වෙනස වෙනුවෙන් කැපවී සිටින දේශපාලනඥයින් සහ පාක්‍ෂිකයන්ට රජයේ මැරයන් විසින් එල්ල කරනු ලබන ම්ලේච්ඡු ප‍්‍රහාරයන්, සාමය අගයන කිසිදු පුද්ගලයෙකු අනුමත නොකරන බව අප තරයේ අවධාරණය කිරීමට කැමැත්තෙමු. ජෙනරාල් සරත් ෆොන්සේකා මහතාගේ විජයග‍්‍රාහී ගමනට සහය දක්වන ශී‍්‍ර ලංකා මහජන පාර්ශවයේ නායක මංගල සමරවීර මහතාගේ ජාතික සංවිධායක සහ සමලේකම් ටිරාන් අලස් මහතාගේ නිවසට ආණ්ඩුවේ මැරයන් ඊයේ රාති‍්‍රයේ එල්ල කළ ම්ලේච්ඡු ප‍්‍රහාරය අප ඉතා පිළිකුලෙන් යුතුව හෙලාදැකීමට කැමැත්තෙමු. ඊයේ (21* රාති‍්‍රයේ නාවල ගල්පොත්ත පාරේ පිහිටි ටිරාන් අලස් මහතාගේ නිවසට ආණ්ඩුවේ මැරයන් බෝම්බ ප‍්‍රහාරක් එල්ල කළ අතර එම බෝම්බ ප‍්‍රහාරයෙන් එම මහතාගේ නිවසට දැඩි අලාභහානී සිදුවු අතර ඔහුගේ මෝටර් රථයද සම්පූර්ණයෙන් ගිනිගෙන විනාශයට පත් වුණා. පරාජයෙන් වියරු වැටී සිටින මහින්ද රාජපක්‍ෂ ජනාධිපතිවරයා ප‍්‍රමුඛ ආණ්ඩුවේ ලැජ්ජා නැති මන්තී‍්‍ර මණ්ඩලය කරන ලද මෙම සාපරාධි කි‍්‍රයාව රටේ බුද්ධිමත් ජනයා අනුමත නොකරන බවත් මෙවැනි කි‍්‍රයාකාරකම් තුළින් ජෙනරාල් සරත් ෆොන්සේකා මහතාගේ විජග‍්‍රාහී ගමන නැවැත්විය නෙැහැකි බව අප තරයේ අවධාරණය කර සිටිමු. ප‍්‍රචණ්ඩත්වයෙන් තොර මැතිවරණයකට සෑම දේශපාලන පක්‍ෂයක්ම ප‍්‍රතිඥ දී තිබියෙදීත් ආණ්ඩුවේ අමන ඇමතිවරුන්ගේ මෙවැනි කි‍්‍රයාකාරකම් මැතිවරණය නිදහස් හා සාධාරණව පැවැත්වීමට හැකියාවක් තිබේද යන්න ජනතාව මෙන්ම අප තුළද ප‍්‍රශ්නාර්ථයක් බවට පත්වී අවසන්. ප‍්‍රචණ්ඩත්වය, භීෂණය යනාදී ඕනෑම තත්ත්වයකට, තිස් වසරක් කුරිරු යුද්ධය අවසන් කිරීමට නායකත්වය දුන් ජෙනරාල් සරත් ෆොන්සේකා මහතාටත් ඒ වෙනුවෙන් කැප කිරීම් කළ ලාංකීය සමස්ථ ජනතාවටත් මුහුණ දිමට හැකි බවත් අප රජයට මතක් කිරීමට කැමැත්තෙමු.

-Sri Lanka Guardian