මහින්ද චින්තන චිත‍්‍රපටය පළමු කොටසෙන්ම අවසන්...

(January 20, Colombo, Sri Lanka Guardian)මහින්ද චින්තනයේ පළමු කොටස ඉටු නොකළ මහින්ද රාජපක්ෂ එහි දෙවනි කොටස ඉදිරිපත් කිරීම හාස්‍යට කරුණක් බව එක්සත් ජාතික පක්ෂ නායක විපක්ෂ නායක රනිල් වික‍්‍රමසිංහ මහතා පවසනවා. අද පස්වරුවේ කුරුණෑගල මාළිගාපිටියේ පැවති ජනරැුලියකට සහභාගි වෙමින් රනිල් වික‍්‍රමසිංහ මහතා ප‍්‍රකාශ කළේ, වසර 4 ක කාලයක් තුළ චින්තනයෙන් සියයට 2 ක්වත් ඉටු කර ගැනීමට නොහැකි වූ මහින්ද රාජපක්ෂ චිත‍්‍රපට මාලාවක් මෙන් දෙවන කොටස ඉදිරිපත් කර ඇත්තේ ජනතාව මුළාවට දැමීමේ අරමුනෙන් බවයි. නමුත් බුද්ධිමත් ඡුනද දායකයන් කිසිදු අයුරකින් වත්මන් ජනාධිපතිවරයාගේ එම ක‍්‍රියා කලාපයට හසු නොවන බවත් රනිල් වික‍්‍රමසිංහ මහතා අවධාරණය කර සිටියා.
-Sri Lanka Guardian