(January 21, Colombo, Sri Lanka Guardian) ඉතිහාසයේ ප්‍රථම වතාවට රටට නරක ආදර්ශ ලබාදෙමින් හමුදා සහ ආරක්ෂක අංශ, වත්මන් ජනාධිපතිවරයා දේශපාලනීකරණයට ලක් කරමින් සිටින බව ජනාධිපති ධුර අපේක්ෂක ජෙනරාල් සරත් ෆොන්සේකා මහතා පවසනවා. අද පස්වරුවේ මැදවච්චිය නගරයේ පැවති ජනරැලියකට සහභාගි වෙමින් සරත් ෆොන්සේකා මහතා ප්‍රකාශ කළේ ඉතිහාසයේ කවර දිනකවත් මැතිවරණ කටයුතු සඳහා හමුදා නිලධාරීන් යොදා ගැනීමට එවකට හිටපු රාජ්‍ය නායකයින් ක්‍රියා නොකළ බවයි. නමුත් වත්මන් ජනාධිපති වරයා ප්රමුඛ ඔහුගේ ඥාතීන් පිරිස දිගින් දිගටම ආරක්ෂක අංශ නිලධාරීන් යොදා ගනිමින් ඉතා නරක ආදර්ශයක් රටට සපයමින් සිටින බවයි. රජයේ තාඩන පීඩන වලට ලක්ව සිටින ආර්ක්ෂක අංශ ඇතුළු සියළු රාජ්‍ය නිලධාරීන් ජනවාරි 26 වනදායින් පසු එයින් නිදහස් කර ගනිමිින් ඉතා සමකාමි නිදහස් පරිසරය්ක තුළ සේවය කිරීම සඳහා අවශ්‍ය පරිසරය ගොඩනගන බවත් සරත් ෆොන්සේකා මහතා අවධාරණය කළා.
Home Unlabelled ආරක්ෂක අංශ දේශපාලනීකරණය කිරීම පිලිකුලෙන් හෙලා දකිනව -ජෙනරාල් සරත් ෆොන්සේකා මහතා කියයි.
ආරක්ෂක අංශ දේශපාලනීකරණය කිරීම පිලිකුලෙන් හෙලා දකිනව -ජෙනරාල් සරත් ෆොන්සේකා මහතා කියයි.
By Sri Lanka Guardian • January 21, 2010 • • Comments : 0
Subscribe to:
Post Comments
(
Atom
)
Post a Comment