රටේ ජනතාවගේ පොරොන්දු ඉටු නොකළ එකම නායකයා මහින්ද යි - ජනරාල් සරත් ෆොන්සේකා මහතා කියයි.

(January 19, Colombo, Sri Lanka Guardian) රටේ ජනතාවට ලබාදුන් පොරොන්දු වලින් සියයට දෙකක්වත් ඉටු නොකළ එකම රාජ්‍ය නායකයා වත්මන් ජනාධිපතිවරයා වන බව විජයග්‍රාහී ජනාධිපතිධූර අපේඬක ජනරාල් සරත් ෆොන්සේකා මහතා පවසනවා. අද පස්වරුවේ මාතර මාකදුර ප්‍රදේශයේ පැවැති ජනරැළියකට සහභාගීවෙමින් සරත් ෆොන්සේකා මහතා සඳහන් කළේ රටේ ජනතාව කෙසේ වෙතත් රජ පවුල ඇතුළු ඥාති පිරිසට නම් ලබා නොදුන් පොරොන්දු පවා ජනාධිපතිවරයා ඉටුකර අවසන් බවයි. රටේ ජනතාවගේ සිතුම් පැතුම් හඳුනා නොගත් රාජ්‍ය නායකයෙකුට රටේ ජනයාගේ ප්‍රසාදය හිමි නොවීම සාමාන්‍ය දෙයක් බවයි ජනරාල් සරත් ෆොන්සේකා මහතා අවධාරණය කර සිටියේ.
-Sri Lanka Guardian