කීමට දෙයක් නෙැමැතිව ජනපති ළඳරුවන් පවාදෙයි.

(January 19, Colombo, Sri Lanka Guardian) රැස්වීමකදී හමුවු මාස අටක ළඳරුවෙක් තම මුහුණ දෙස බලා සිට ජයවේවා යැයි පැවසූ බව ජනාධිපති මහින්ද රාජපක‍ෂ මහතා ඊයේ (18) ගලෙන් බිඳුනුවැව පැවැති රැස්වීමකදී කර ඇති ප්‍රකාශය පිළිබඳව නිර්පාක‍ෂික පොදු අපේක‍ෂක ජෙනරාල් සරත් ෆොන්සේකා මහතාගේ මාධ්‍ය ඒකකය නිවේදනයක් නිකුත් කර සිටී.

මෙවැනි මුසාවක් සංවේදි නායකයෙකුගේ මුවින් පිටවීම විමතියට කරුණකි. අනෙක් අතට මෙරට ජනතාව මුග්ධයින්යයි මෙරට පාලකයින් සිතා සිටින බවට වන හොඳම උඳාහරණයක් ලෙසද මෙය පෙන්වා දිය යුතුය.

ජනාධිපතිවරයාගේ මේ හතර බීරි කතාව ශ්‍රවණය කළ ජනතාවගේ සිත තුළ ප්‍රශ්න කිහිපයක්ද පැන නගී.

මෙම මාස අටක ළඳරුවා තමා මේ බලාසිටින්නේ මෙරට වසර 40 ක පලපුරුද්දක් ඇති සංවේදී නායකයා දෙස යැයි දැනගත්තේ කෙසේද?

තමා ඉදිරියේ සිනාසෙමින්, සාටකයක් පැලඳ සිටින පුද්ගලයා ජයගත යුතු අයෙකු බවට එම ළඳරුවා උපකල්පනය කළේ කෙසේද?

මෙය සැබැවින්ම ජනාධිපතිවරයාට මුහුණදීමට සිදුවු දෙයක් ද නැතහොත් මෙවැනි දෙයක් සිදුවු බවට ජනාධිපතිවරයාගේ සිත තුළ පහල වු මනංකල්පිත සිතුවිල්ලක්ද. අනෙක් අතට ජනාධිපතිවරයාට පක‍ෂව ඡන්දෙ ඉල්ලමින් ප්‍රදර්ශනය වන දැනවීම් සහ පෝස්ටර් වල ඇත්තේ වසර 40 ක් පලපුරුදු සංවේදී නායකයාට ඡන්දය දී ජයග්‍රහණය කරවන ලෙසයි. එසේ නම් මෙම මාස 08 ක ළඳරුවා එම දැන්වීම් හා පෝස්ටර් කියවා එම පෝස්ටර්වල පෙනී සිටින අපේක‍ෂකයා ජයගත යුතු බවට තීරණය කළ යුතුය.

ළඳරුවා සැබැවින්ම ජනාධිපතිවරයා දෙස බලා එසේ පැවසුවා නම් එවැනි වයසක දරුවෙක් ජනාධිපති තරඟ අපේක‍ෂකයෙකුට ජයවේවා යැයි පැවසීම ලෝක වාර්තාවක් විය යුතුය. එසේම මේ සිද්ධිය සත්‍යයක් නම් ඒ ළඳරුවා ජනපති මහින්ද රාජපක‍ෂට "ජයවේවා" යැයි පවසා ඇත්තේ නොදන්නාකමට හා ළඳරුකමට විය යුතුමය.

එසේ නොමැතිව කෝටි පන්දහස් ගණනක ජාතික සම්පත් විනාශ කළ රජයක ප්‍රධානියෙකුට ජය පැතීම යමක්කමක් දැනුම් තේරුම් ඇති වැඩිහිටියෙකු වෙතින් නම් සිදුවිය නොහැකි බැවිනි.

-Sri Lanka Guardian