සුනඛ සැත්කම් නවතී. සෞඛ්‍ය අමාත්‍යංශය මුදල් අර්බුදයක.

(October 26, Colombo, Sri Lanka Guardian) සෞඛ්‍ය අමාත්‍යාංශයේ මතුව ඇති දැඩි මුදල් අර්බුදය හේතුවෙන් සුනඛින් සඳහා සිදු කරන වඳ සැත්කම් නවති දැමීමට අමාත්‍යාංශය තීරණය කර ඇත. මේ බව පසුගිය 22 දා සෞඛ්‍ය අමාත්‍යෘංශයේ අතිරේඛ ලේකම්ගේ ප්‍රධානත්වයෙන් සහ ජලභීතිකා මධ්‍යස්ථානයේ අධක‍ෂක, පලාත් සෞඛ්‍ය අධ්‍යක‍ෂකවරුන් සහ සෞඛ්‍ය කාර්යමණ්ඩලවල සහභාගිත්වයෙන් බොරැල්ල වෛද්‍ය පර්යේෂණ ආයතනයේදී පැවැත්වූ රැස්වීමකදී අනාවරණය වී ඇත.

දැනට වසර දෙකක් තිස්සේ ලෝක සෞඛ්‍ය සංවිධානයේ නිර්දේශ මත කරගෙන යනු ලබන දඩාවතේ යන සුනඛයන් වඳ සැත්කම් සඳහා ලක්කිරීම සහ ජලභීතිකාව සඳහා සුනඛයින් එන්නත් කිරීම ඉතාමත් සාර්ථකව කරගෙන යන අතර මේ වනවිට මධ්‍යම, වයඹ සහ සබරගමුව යන පළාත්වල සුනඛයින් එන්නත් කිරීම සහ වන්ධ්‍යාකරණය කිරීමේ වැඩසටහන ඉතාමත්ම සාර්ථකව සිදුකර ඇති අතර මේ නිසා බල්ලන් සපාකෑමේ සංඛ්‍යාව සහ සපාකෑමට ලක්වූ පුද්ගලයන් සඳහා භාවිතා කළ එන්නත් ප්‍රමාණය 50%කින් පමණ අඩු වී ඇති බවද සුනඛයින් සපාකෑමෙන් පසු සපා කෑ පුද්ගලයින් සඳහා භාවිතා කරන එන්නත් විශාල ප්‍රමාණයක් ඉතිරි වී ඇති බවටද පැහැදිලි සාධක තිබියදී මෙවන් තීරණයක් ගැනීම පිටුපස ඖෂධ ජාවාරම්කරුවන්ද සිටින බවට බරපතල සැකයක් මතුවී ඇතැයි සමස්ත ලංකා රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ප්‍රධාන ලේකම් ධම්මික පතිරණ අවධාරණය කර සිටී.

සුනඛයින් සඳහා දෙන එන්නත් සැප්තැම්බර් මස දෙවන සතිය සිට අවශ්‍ය ප්‍රමාණය රට තුල නොමැති අතර සුනඛයින් වන්ධ්‍යාකරණය නැවැත්වීම ද හේතුවෙන් ජලභීතිකා රෝගය රට තුළ නැවත හිස එසවීමේ දැඩි අවධානමක් ඇති බව පෙන්වා දෙන ධම්මික නැවතත් එම වැඩපිළිවෙල අඛණ්ඩව රටතුළ කි්‍රයාත්මක කිරීමට කටයුතු කරන ලෙස සෞඛ්‍ය ලේකම්වරයාගෙන් ලිඛිතව ඉල්ලා ඇත.

-Sri Lanka Guardian