(October 26, Colombo, Sri Lanka Guardian) ජල සම්පාදන මණ්ඩලයේ සේවකයන් හට 2009 ට නියමිත වැටුප් වැඩිවීම ලබාදෙන ඉල්ලා හෙට (27) දහවල් මාතර පඹුරන ජාතික ජල සම්පාදන මණ්ඩලයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී කාර්යාලය ඉදිරිපිටදී උද්ඝෝෂණයක් පැවැත්වීමට ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලීය වෘත්තීය සමිති ඒකාබද්ධ කමිටුව තීරණය කර ඇත.
වැටුප් වැඩිවීම මෙතෙක් නොලැබීම සම්බන්ධව කළ සාකච්ඡාවලදී බලධාරීන්ගෙන් ප්‍රතිචාර නොලැබීම නිසා රත්මලාන, කුරුණෑගල, මහනුවර ආදී ස්ථානවල සේවක උද්ඝෝෂණ පැවැත්වූ බව ඒකාබද්ධ කමිටුවේ කැඳවුම්කරු ප්‍රකාශ කළේය.
මෙසේ මෙම ප්‍රශ්ණයට නිසි විසඳුම් ලබා නොදීම නිසා වැඩ වර්ජනයක් කරා යෑමට අපට සිදුවුවහොත් මහජනතාවට සිදුවන අපහසුතාවය සම්බන්ධ වගකීම වෘත්තීය සමිති ඉල්ලීම් නිසි අවස්ථාවේදී නිසි ලෙස ප්‍රතිචාර දක්වා විසඳුම් ලබා නොදෙන පාලකයින් භාරගත යුතු බව අප සඳහන් කරන්නෙමු. -Sri Lanka Guardian
Home Unlabelled වැටුප් වැඩිකරන ලෙස ඉල්ලා ජල සේවකයෝ හෙට මාතරදී උද්ඝෝෂණයක
වැටුප් වැඩිකරන ලෙස ඉල්ලා ජල සේවකයෝ හෙට මාතරදී උද්ඝෝෂණයක
By Sri Lanka Guardian • October 26, 2009 • • Comments : 0
Subscribe to:
Post Comments
(
Atom
)
Post a Comment