ලංකා ඛනිජ තෙල් සංස්ථාවේ සේවක වැටුප් ප්‍රශ්නය සම්බන්ධව උද්ඝෝෂණ කරමින් පසුගියදා අකුරට වැඩ කිරීමේ ව්‍යාපාරයක් ද මෙහෙයවූ ඛනිජ තෙල් වෘත්තීය සමිති එකමුතුවේ වෘත්තීය සමිති වලට සාකච්ඡාවක් ලබාදෙන බවට පවුසි ඇමතිවරයා පොරොන්දු වූවද එම වෘත්තීය සමිති කිසිවකට මෙම සාකච්ඡාව පිළිබඳ දැනුම්දීමක් හෝ ආරාධනයක් හෝ කර නැත.
බස්නාහිර පළාතේ ආණ්ඩුකාර අලවි මව්ලානා මහතා සහ ඛනිජ තෙල් සංස්ථාවේ ශ්‍රීලනිප සේවක සංගම් ශාඛාවේ නියෝජිතවරුන් සමග පැවැති මේ සාකච්ඡාවට ජනාධිපතිලේකම් ලලිත් වීරතුංග, භාණ්ඩාගාර ලේකම් ආචාර්ය පී.බී. ජයසුන්දර, ඇමැති ඒ.එච්.එම්. ෆවුසි සහ අමාත්‍යංශ ලේකම් එම්.එම්.සී. ෆර්ඩිනැන්ඩෝ යන මහත්වරු ද සහභාගී වී සිටියහ.
ඛනිජ තෙල් වෘත්තීය සමිති එකමුතුවේ ඉල්ලීම වූයේ 2009 ජනවාරි සිට ලැබිය යුතු වැටුප් වැඩිවීම හෝ පොරොන්දු වූ රුපියල් 5000 මාසික දීමනාව ලබාදෙන ලෙසයි. මෙම ඉල්ලීම සම්බන්ධයෙන් වෘත්තීය සමිති එකමුතුව ගෙන ගිය අකුරට වැඩ කිරීමේ ව්‍යාපාරයට ශ්‍රීලනිප වෘත්තීය සමිති ශාඛාවේ සහභාගීත්වය නොලැබිණි.

Post a Comment