දමිළ ජනතාව වැඩි කලක්‌ කඳවුරුවල හිටියොත් ඊළඟ ප්‍රභාකරන් මේ කඳවුරුවලින් මතුවේවි - ටිල්වින් සිල්වා

July 03-2009 - Colombo

තුරේ දමිළ ජනතාව වැඩි කලක්‌ අවතැන් කඳවුරු තුළ වාසය කළහොත් ඔවුන් නැවතත් බෙදුම්වාදය දෙසට තල්ලු වීම නොවැළැක්‌විය හැකි බවත් එවිට ඊළඟ ප්‍රභාකරන් මෙම කඳවුර තුළින් මතුවිය හැකි බවත් ජනතා විමුක්‌ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා පැවැසීය. උතුරේ අවතැන් කඳවුරු තුළ වෙසෙන ජනයාගේ ගැටලුවල බරපතලකම වත්මන් රජය නිවැරදි ලෙස තේරුම් ගෙන නොමැති බවත් අවතැන් කඳවුරුවල තත්ත්වය දිගින් දිගටම මෙලෙස පැවැතියහොත් අප රටට එරෙහිව ක්‍රියා කිරීමට බලා සිටින ජාත්‍යන්තර ප්‍රජාව මෙරට අභ්‍යන්තර කටයුතු සඳහා නැවතත් අත පෙවීමට මෙය අවස්‌ථාවක්‌ කරගනු ඇතැයි ද හෙතෙම කීවේය.

උතුරේ අවතැන් කඳවුරු තුළ ඇති තත්ත්වය නිසි ලෙස කළමනාකරණය නොකිරීම නිසා දශක තුනකට පසු දෙමළ ජනයා අතර සමගිය ගොඩනඟා ගැනීමට තිබූ ස්‌වර්ණමය අවස්‌ථාවක්‌ වත්මන් රජය විසින් මඟහරවා ඇති බවත් ටිල්වින් සිල්වා මහතා පැවැසීය.

හෙතෙම එම අදහස්‌ ඊයේ (02 වැනිදා) පැවැසුවේ පිටකෝට්‌ටේ පිහිටි සෝලිස්‌ උත්සව ශාලාවේ පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකදීය.
-Sri Lanka Guardian