The Most/Recent Articles

Showing posts with label free media movement. Show all posts
Showing posts with label free media movement. Show all posts

රාජ්‍ය මාධ්‍යයට එරෙහි අනිසි බලපෑම් වහා පාලනය කළ යුතුයි - නිදහස් මාධ්‍ය ව්‍යාපාරය

ප්‍රධාන දේශපාලන පක්ෂ දෙක අතර  අගමැති ධුරය සම්බන්ධයෙන් මේ මොහොතේ ඇතිවී තිබෙන අරගලය හේතුවෙන් රාජ්‍ය මාධ්‍ය ආයතන සහ ඇතැම් මාධ්‍යවේදීන්  වෙත එල්ලවන  අහිතකර බලපෑම් පාලනය කිරීමට කඩිනමින් මැදිහත් වන ලෙස නිදහස් මාධ්‍ය  ව්‍යාපාරය සියලු වගකිවයුත්තන්ගෙන් ඉල්ලා සිටින බව එහි කැඳවුම්කරු සි. දොඩාවත්ත මහතාගේ අත්සනින් යුතුව නිකුත් කළ නිවේදනයකින් දක්වා තිබේ.


මෙහි වැඩිදුරටත් දක්වා තිබෙන්නේ, ‘‘අදාළ නොවන පුද්ගලයන් රාජ්‍ය මාධ්‍ය ආයතන වෙත ඇතුළු වීමේ අවස්ථා සහ එම ආයතන තුළ සේවයෙහි නිරත මාධ්‍යවේදීන්ට අයථා බලපෑම් එල්ල කිරීමේ  අවස්ථා කිහිපයක් මේ වනවිට වාර්තා වී තිබේ. එබඳු බලපෑම් ජනමාධ්‍යවේදීන්ගේ වෘත්තීය නිදහසට මෙන්ම සමාජයෙහි ප්‍රජාතන්ත්‍රවාදයේ යහ පැවැත්මටද අනතුරක් ලෙස නිදහස් මාධ්‍ය ව්‍යාපාරය සලකයි.


පසුගිය යුගය තුළ දේශපාලන අසාධාරණයන්ට  ගොදුරුවූවන් සිටී නම් සිදුවිය යුත්තේ විධිමත් ලෙස  කරන සොයා බැලීමකින් ඔවුන්ට සාධාරණය ඉටු කිරීමය.  එසේ නොමැතිව  සිදුවෙමින් තිබෙන වෙනස්කම් හමුවේ තවත් කිසිවෙකුට එවැනි අසාධාරණයක් සිදු නොකිරීමට වගබලාගන්නා ලෙසද නිදහස් මාධ්‍ය ව්‍යාපාරය වගකිවයුතු අංශ වෙතින් ඉල්ලා සිටියි‘‘ යන්නයි. 


 



 

 

වීඩියෝ - අන්තර්ජාලය ඇසුරිනි