The Most/Recent Articles

Showing posts with label court. Show all posts
Showing posts with label court. Show all posts

යහපාලනය යටතේ වත් යුක්තිය පසිඳලීම කාර්යක්ෂම කරමු

සමථ මණ්ඩලය ජනපතිගේ පැසසුමට


ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මෑතකදී රටේ පවතින සමථ මණ්ඩල සේවාව ප‍්‍රශංසාවට ලක්කොට තිබුණි. එය අගේ කටයුතු වුවත්, ඒ මගින් පෙන්නුම් කරන අධිකරණ පද්ධතියේ ව්‍යුහාත්මක ප‍්‍රශ්න සමථයකට පත්කර ගැනීමට මෙතෙක් අපොහොසත්ව තිබීම බරපතල කාරණයකි.



මාධ්‍ය මගින් වාර්තා කොට තිබුණු පරිදි, මේ වසරේ අධිකරණ අමාත්‍යාංශයේ සංඛ්‍යා ලේඛනවලට අනුව, 2016 සැප්තැම්බර් මස අවසන් වන විට අවසන් කොට නොතිබූ නඩු කටයුතු 750,000 ක් තිබුණි. එයින් බහුතරය හෙවත් 535,000 ක් නඩු ගොඩ ගැසී තිබුණේ මහේස්ත‍්‍රාත් උසාවිවල ය. අමාත්‍යාංශයේ සංඛ්‍යා ලේඛන පෙන්වා දෙන පරිදි, ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩු 3,486 ක් ද, අභියාචනාධිකරණයේ නඩු 4,817 ක් ද, සිවිල් අභියාචන මහාධිකරණවල නඩු 5,890 ක් ද, මහාධිකරණවල නඩු 16,811 ක් ද, දිස්ත‍්‍රික් අධිකරණවල නඩු 167,945 ක් ද, මහේස්ත‍්‍රාත් අධිකරණවල නඩු 535,644 ක් ද, කම්කරු උසාවිවල නඩු 5048 ක් ද, ගොඩ ගැසී තිබුණි.



මේවා සංඛ්‍යාත්මක වශයෙන් ගත් විට පවා අති විශාල ය. එහෙත් ඒ සංඛ්‍යාවන් පසුපසින් පවතින, යුක්තිය අපේක්ෂාවෙන් සිටින මනුෂ්‍යයන්ගේ පීඩාව ඊට වඩා අති මහත් ය. දූෂණයට පාත‍්‍ර වූ කාන්තාවකගේ, ඝාතනයට ලක්වූ පුද්ගලයෙකුගේ මවකගේ, ණයක් පියවා ගැනීමට සිටින ව්‍යාපාරිකයෙකුගේ සහ උරුමයක් අපේක්ෂාවෙන් සිටින දරුවෙකුගේ සිත් තැවුල සහ පීඩාව, මේ සංඛ්‍යා ලේඛනවල බරට වඩා ගැඹුරු ය. අධිකරණ පද්ධතිය ඉදිරියට නොයෑම යනු මේ සියලූ මිනිසුන්ගේ මිනිස් අපේක්ෂා පාගා දැමීමකි.



නඩු මෙසේ ගොඩගැසීමේ ප‍්‍රශ්නය විසඳීම සඳහා දශක කිහිපයක් තිස්සේ ආණ්ඩු උත්සාහ කොට ඇත. එක පැත්තකින්, අලූතෙන් විනිසුරුවරුන් බඳවා ගැනීමෙන් ද, මෑතකදී සිට, බරපතල නඩු දිනපතා ඇසීමේ ක‍්‍රමවේදයක් ඇති කර ගැනීමෙන් ද එම උත්සාහයන් ගෙන තිබේ. අධිකරණ පද්ධතියේ පවතින අසතුටුදායක තත්වයේ තරම, ඇතැම් මහ පරිමාණ දූෂණ ක‍්‍රියා පිළිබඳව මේ ආණ්ඩුව පටන් ගත් නඩුවල අලස ප‍්‍රගතියෙන් මැනවින් පෙන්නුම් කෙරේ. ඒ අරභයා ඇති කෙරෙන කලකිරීම කෙතෙක් ද යත්, මේ පමාව පිළිබඳ කාරණයේ ඇති බරපතල කම ජනාධිපතිවරයාට පවා දැනී, ප‍්‍රශ්නයට තාවකාලික විසඳුමක් වශයෙන් එවැනි නඩු ඉක්මණින් ඉවරයක් කිරීම සඳහා විශේෂ අධිකරණ පිහිටුවීමටත් මේ වන විට පියවර ගෙන තිබේ.



අලූතින් පිහිටුවන අධිකරණ මොන තරම් සාර්ථක වුවත් නැතත්, පවතින අධිකරණ පද්ධතිය තුළ පවතින අඩුපාඩුවල වගකීම එවැනි අධිකරණ පිහිටවූ පමණින් අවසන් වන්නේ නැත. දුර්වල අධිකරණ පද්ධතියක් තුළ පවතින අඩුපාඩු වනාහී විශේෂ අධිකරණ පිහිටුවීමෙන් විසඳිය හැකි දේවල් නොවේ. එසේම, ඒ මගින් ඉහතින් කී මිනිසුන්ගේ දුක් පීඩා එක රැයකින් දුරු කිරීමත් කළ නොහේ. වසරකට, සාමාන්‍යයෙන් සිවිල් සිද්ධීන්ට සම්බන්ධ නඩු කටයුතු 2000 කට වැඩි ප‍්‍රමාණයක් සමථ මණ්ඩල වෙත දැනටත් ඉදිරිපත් කරනු ලැබේ. අධිකරණය මගින් හෝ පොලීසිය මගින් මෙසේ සමථ මණ්ඩල වෙත ඉදිරිපත් කරන නඩු කටයුතුවලින් සියයට 40 ක් පමණ අවසානයක් කොට විසඳනු ලැබේ. සුපුරුදු අධිකරණ ක‍්‍රියාවලියෙන් සිදුවන කාර්ය භාරය සමග සසඳන විට මෙය වැදගත් සාර්ථකත්වයක් පෙන්නුම් කරන්නකි.



සමථ මණ්ඩලය තරම් වත් මෙරට අධිකරණය කාර්යක්ෂමද ?   


අධිකරණවල ගොඩගැසී ඇති ඉහත සඳහන් නඩු සංඛ්‍යාව ඒ තරම් මට්ටමකින්වත් පවතින්නේ, ඊට සමගාමී සමථ මණ්ඩල ක‍්‍රියාකාරීත්වයකුත් මෙසේ පවතින බැවිනි. එම සමථ මණ්ඩල ක‍්‍රමය දැන් වෙනත් දියුණු වෙමින් පවතින රටවල් තුළ ද ක‍්‍රියාත්මක කිරීමට පටන්ගෙන තිබේ. ඉතිං, එවැනි සමථ මණ්ඩල ක‍්‍රියාවලියක් සාර්ථකව ගෙන යාමට සමත්ව සිටින ශ‍්‍රී ලංකාවට, විධිමත් අධිකරණ පද්ධතියක් සාර්ථක කර ගැනීමට නොහැකි වී ඇත්තේ මන්ද යන්න ප‍්‍රශ්නයකි.



දියුණු රටවල, සාමාන්‍යයෙන් ගත් විට, ජනගහනයෙන් 50 දෙනෙකුට එක් විනිසුරුවරයෙකු බැගින් සිටී. එහෙත් ලංකාවේ මේ තත්වය තවම පවතින්නේ ඉතා පසුගාමී තත්වයකයි. සමථ මණ්ඩල සමන්විත වන්නේ ස්වේච්ඡා සේවකයන්ගෙන් වන අතර, විධිමත් අධිකරණ විනිසුරුවරුන්ව පුහුණු කිරීමත්, එම සේවාව ආකර්ශනීය මට්ටමකින් පවත්වා ගැනීම සඳහා ඉහළ වැටුප් සහතික කෙරෙන වෘත්තීය මට්ටමකට එම සේවාව ගෙන ඒමත් අවශ්‍ය කෙරේ. එය සමථ මණ්ඩල ක‍්‍රමය තරම් ලෙහෙසි පහසු දෙයක් නොවේ. අනිත් අතට, විධිමත් අධිකරණ ඉදිරියට පැමිණෙන නඩු වඩාත් සංකීර්ණ ඒවා ය. එවැනි නඩු විසඳීම සඳහා අවශ්‍ය කෙරෙන සාක්ෂි විභාග කිරීම, නීතිය අර්ථකථනය කිරීම වැනි කාර්යයන් සඳහා බොහෝ කාලයක් ගතවෙයි. එසේ වුවද, වෙනත් සංවර්ධනය වෙමින් පවතින රටවල් මේ අභියෝග ජය ගනිමින් සිටියදී ශ‍්‍රී ලංකාවට තවම එසේ කළ නොහැකි වී ඇත්තේ මන්ද යන්න ප‍්‍රශ්නයකි.



දේශපාලන ක්ෂේත‍්‍රයේ දූෂණ ක‍්‍රියා පිළිබඳ නඩු විභාග පැත්තකින් තිබ්බත්, පැටලිලි සහගත අධිකරණ පද්ධතියක් තිබීම සහ නඩුහබ බේරුම් කිරීමේ මන්දගාමීත්වය නිසා ආර්ථික ක්ෂේත‍්‍රය තුළට ආයෝජන ගෙන්වා ගැනීමත් දුෂ්කර කෙරේ. ආණ්ඩුව විසින් දැනට ගොඩනගමින් පවතින අලූත් මූල්‍ය නගරය පිළිබඳ ව්‍යාපෘතිය, බේරුම්කාරක මධ්‍යස්ථානයක් වශයෙන් අනාගතයේ කටයුතු කිරීමට ඉඩ ඇතත්, ඒ සඳහා තව බොහෝ කාලයක් ගත වෙනු ඇත. ඒ දක්වා, ආයෝජන දිරිමත් කිරීම සඳහා යම් අතරමැදි නීති ක‍්‍රියාවලියක් සකසා ගත යුතුව තිබේ. ‘ව්‍යාපාර කිරීමේ පහසුව සලසන’ ලෝක බැංකු නිර්ණායක සූචිය තුළ රටක් වශයෙන් ලංකාව ඉහළට යාමට නම්, ආයෝජන පරිසරයකට හිතකාමී වන අන්දමේ නීති ක‍්‍රියාවලියක් සකසා ගත යුතුව තිබේ.



ඒ සඳහා, ආණ්ඩුව පැත්තෙන් ගත් විට, මීට වඩා අරමුදල් සම්පාදනය කර දීමත්, තව තවත් විනිසුරුවරුන් පුහුණු කිරීමත්, පටලැවිලි නැති, සරළ නීතිරීති ඇති කර ගැනීමත් අත්‍යාවශ්‍ය කෙරේ. ඒ සියල්ලටමත් වඩා වැදගත් වන්නේ, ඒවා නිසි වේලාවට ක‍්‍රියාවේ යෙදවීමයි.




 

(2018 ඔක්තෝබර් 8 වැනි දා ‘ඩේලි එෆ්.ටී.’ පුවත්පතේ  “Supporting Justice"පළවූ නමැති ලිපියේ සිංහල පරිවර්තනය ‘යහපාලනය ලංකා’ අනුග‍්‍රහයෙනි)


 

 

තාරික් රාමදාන් නිර්දෝශී වේවිද ?

ඉස්ලාමීය විද්වතකු වන තාරික් රාමදාන් හට කාන්තාවන් පස් දෙනෙකු විසින් ලිංගික අපයෝජනා චෝදනා එල්ල කර ඇති අතර මාස 7 ක් පුරා අත්අඩංගුවේ පසුවූ ඔහු ඊයේ (18) දිනයේදී ප්‍රංශ උසාවිය හමුවේ පෙනී සිටීමෙන් අනතුරුව ඇප මත මුදාහැරියේය. සිය රෝගී තත්ත්වයත් සමග අවශ්‍ය ප්‍රතිකාර සිර මැදිරියේ සිට කළ නොහැකි බව මෙහිදී ඔහු පවසා ඇත. 


ආබාධිත කාන්තාවක් ඊයේ දිනයේදී ඔහුට එරෙහිව චෝදනා ගොනුකර තිබුණු අතර එහිදී ඇය පවසන්නේ 2009 වසරේදී ප්‍රංශයේ ලියොන් නගරයේදී රාමදාන් ඇයට පහරදුන් බවයි. අදාළ කාන්තාවගේ නම මෙතෙක් හෙළිකර නැති අතර මාධ්‍ය මගින් ඇයව ‘ක්‍රිස්ටෙලා‘ නමින් හදුන්වනු ලබයි.


රාමදාන්ට එල්ල වන චෝදනා ගැන පවසන අදාළ කාන්තාවගේ පාර්ශ්වයේ නීතිඥවරයා වන එරික් මොරේන් පවසන්නේ, ‘‘මේක අතිශය කටුක අභියෝගයක්. හැමකෙනෙක්ම තමන්ගේ තනතුරු ආරක්ෂා කරන්න උත්සහ ගන්නවා. රාමදාන් කුමන්ත්‍රණ න්‍යාය ගැන කතාබහ කරන කෙනෙක්. රාමදාන්ගේ මුහුණ කෙලින් බලලා තමන් රාමදාන්ගේ හතුරෙකු නොව ගොදුරක් බව පවසන්නට මගේ සේවාදායකයාට හැකිවේවි. ඇය වසර 10 ක් තිස්සේ මේ වේදනාව විඳිනවා‘‘ යන්නයි.


කෙසේවුවත්, රාමදාන්ගේ පාර්ශ්වයෙන් ඉදිරිපත් වන නීතිඥවරයා වන එම්මානුවෙල් මාසිග්නි පවසන්නේ, ‘ඔහු කිසිදිනක මේ කාන්තාව සමග ලිංගිකව හැසිරී නැහැ‘ යන්නයි.


තාරික් රාමදාන් යනු කවුද


රූපවාහිනී  විචාරකයෙකු මෙන්ම ඔක්ස්ෆර්ඩ් සරසවියේ මහාචාර්යවරයෙකු ලෙස ද කටයුතු කළ රාමදාන් හට පසුගිය වසරේදී "Me Too" ව්‍යාපාරය හරහා ලිංගික අපයෝජන චෝදනා එල්ලවීමත් ඔහු සිදුකළ කාර්යයන් වලින් ඉල්ලා අස්වීමට සිදුවුණි.  මේ වනවිට 56 හැවිරිදි වියේ පසුවන ඔහු ස්විට්සර්ලන්ත පුරවැසියෙකු වේ.  ඊජිප්තුවේ මුස්ලිම් සහෝදරත්වය ව්‍යාපාරයේ ආරම්භකයා රාමදාන්ගේ සීයා ය. රාමදාන් හට පළමුවරට පසුගිය පෙරවාරියේ දී දඬුවම් හිමිවූ අතර ඔහුට එහිදී එල්ල වූ ප්‍රධාන චෝදනාව වූයේ 2009 - 2012 අතර කාලසීමාවේදී කාන්තාවන් දෙදෙනෙකුට අතවර කිරීමය. ප්‍රංශයේ ජීවත් වන මුස්ලිම් කාන්තාවක් 2013 - 2014 කාලසීමාවේදී නව වාරයක් අතවරයට ලක්කිරීම මෑතකාලීනව හෙළිදරව් විය.


 



The News Arab, BBC  හා Channel News Asia ඇසුරිනි