The Most/Recent Articles

Showing posts with label STF. Show all posts
Showing posts with label STF. Show all posts

එස්.ටී.එෆ් නිළධාරීන් යොදවා තිබෙන්නේ අගුණකොළපැලැස්ස බන්ධනාගාරයට පමණයි - ලතීෆ්

අද (17) දිනයේ සිට බන්ධනාගාර වලට එස්.ටී.එෆ් නිළධාරීන් යොදවා ඇති බවට මාධ්‍ය වාර්තා පළවුවද මේ වනවිට එස්.ටී.එෆ් නිළධාරීන් යොදවා තිබෙන්නේ අගුණකොළපැලැස්ස බන්ධනාගාරයට පමණක් බව එස්.ටී.එෆ් අණදෙන නිළධාරී ලතීෆ් මහතා ප්‍රකාශ කර සිටියි. 


මේ සම්බන්ධයෙන් වැඩිදුරටත් පැහැදිලි කළ ඔහු පවසන්නේ, ‘‘අධිකරණ අමාත්‍යතුමියගේ උපදෙස් පිට අධිකරණ අමාත්‍යංශයෙන් සිදුකළ ඉල්ලීම පරිදි පොලිස් අධිකාරිවරයෙකු යටතේ අවශ්‍ය කරන ප්‍රමාණයේ එස්.ටී.එෆ් නිළධාරීන් පමණක් අද දිනයේ ඉඳන් මෙලෙස යොදවා තිබෙනවා. සෝදිසි කිරීම් වැනි කටයුතු වල මෙම නිළධාරීන් නියැලීමට නියමිතයි.‘‘ යන්නයි.