The Most/Recent Articles

Showing posts with label PabasaraSamarasekara. Show all posts
Showing posts with label PabasaraSamarasekara. Show all posts

චීන- ඕස්ට්‍රේලියන් ඒකාබද්ධ යුධ අභ්‍යාස ළඟදීම

ජෙනරාල් ඩේවිඩ් හර්ලි
| පබසරා සමරසේකර 

කලාපයේ ස්ථාවරත්වය ඉලක්ක කරගනිමින් ඔස්ට්‍රේලියාව සහ චීනය ඒකාබද්ධ යුධ අභ්‍යාස කිරීමට තීරණය කර ඇති අතර ඊට ඇමෙරිකා එක්සත් ජනපදයද සහභාගී වීමට ඉඩ ඇති බව, ඕස්ට්‍රේලියානු ආරක්ෂක ඇමති වරයා ප්‍රකාශ කළේය.

ජෙනරාල් ඩේවිඩ් හර්ලි ඕස්ට්‍රේලියන් පුවත්පතට ප්‍රකාශ කළේ මෙම ක්‍රමෝපායික යුධ අභ්‍යාස පැවැත්වීම වැඩි ඈතක නොවන බවයි.  "අපි ඒ සඳහා කටයුතු කරනවා",  ඔහු ප්‍රකාශ කළේය.

 අදාළ යුධ අභායස පිලිබඳ සැලසුම ක්‍රියාත්මක වීම ආරම්භ වූයේ චීනය මැදිහත් වීමෙන් සිදුවන ආසියානු පැසිෆික් කාලාපයේ ක්‍රමෝපායික ආරක්ෂක වැඩපිළිවෙල හේතුකොටගෙන කලාපිය වශයෙන් හටගෙන ඇති උණුසුම් කාරී තත්වය ගැන එක්සත් ජනපදයේ දැඩි අවධානය යොමු වීමත් සමඟය.

එක්සත් ජනපදයේ සැලසුමට අනුව එක්සත් ජනපද මැරීන්  නාවිකයින් 2500ක පමණ පිරිසක් උතුරු ඔස්ට්‍රලියාවේ ඩාවින් නගරය ආසන්නයේ යලිස්ථානගත කිරීමට නියමිතය. මෙලෙස මැරීන් නාවික සෙබළුන් යලිස්ථාන ගත කිරීමට  ඇති සැලසුම සීතල යුද්ධයේ මානසිකත්වයට සාක්ෂි සපයන බව චීන ආණ්ඩුව ඉඟි කර තිබේ.

කෙසේ වෙතත්, ඕස්ට්‍රේලියානු සහ චීන ආරක්ෂක අංශ ප්‍රධානින්  ඒකාබද්ද අභයාස වල මුලිකාංග ගැන සාකච්චා කළ බව හර්ලි අනාවරණය කළේය.

" කිසි කෙනෙකකුට මේක කිරීමට හදිසියක් නැහැ, නමුත් ආදාළ කාරණය ගැන දැන්  සාකච්චා කරමින් පවතිනවා. අපට තීරණය කරන්න තියෙන්නේ මේක කරන්න හොඳම තැන මොකද්ද, කවදාද කියන එක විතරයි, " ඔහු තව දුරටත් ප්‍රකාශ කළේය.

මේ  අතර ඒජන්සි පුවත් වාරතා කරන ආකාරයට, චීනය වඩාත් සාමකාමී සහයෝගීතාවයක්
ඔස්ට්‍රේලියාව  සමඟ පවත්වාගෙන යන අතර ඕස්ට්‍රේලියන් ආණ්ඩුව චීන බලධාරීන් වෙත ඇමෙරිකන් මැරීන් සෙබළුන් තම රට ආසන්නයේ යලිස්ථාන ගත කිරීම සම්බන්ධයෙන් පැහැදිලි කොට ඇත. එය චීනයට එරෙහිව කටයුතු කිරීමක්  නොවන බව ඔහුවූ එහිදී පැහැදිලි කොට ඇත.

" අපට චීනය ගැන
දැන ගන්න ඔනෑ, වගේම චීනයට අපි ගැනත් දැන  ගන්න ඔනෑ . දෙපාර්ශවයම වඩාත් ඵලාදයික වැඩසටහනක් වෙනුවෙන් කටයුතු කරනවා", යැයි ජනරාල් හර්ලී එහිදී සඳහන් කළේය.

" එය අප එකිනෙකා අතර විශ්වාසය මෙන්ම දැනුම ඇති කරාවී",
යැයි හෙතම වැඩිදුරටත් සඳහන් කළේය.

( ඒ. එෆ්. පී. ඇසුරෙනි )