The Most/Recent Articles

Showing posts with label Jason Russell. Show all posts
Showing posts with label Jason Russell. Show all posts

ඇමෙරිකාව : කෝනි 2012- චිත්‍රපට අධ්‍යක්ෂකවරයා සැන් දියේගෝ පොලිසිය භාරයට


l කිෂානි වැලිවිටිගොඩ

පසු ගිය සති කිහිපය තුලදී මුළු ලොව පුරා ආන්දෝලනයකට ලක් වූ අපකීර්තිමත් අයුරින් ප්‍රසිද්ධියට පත්ව ඇති උගන්ඩා හමුදා නායක ජෝසෙප් කෝනි පිළිබඳව මිනිත්තු 30 කට ආසන්න කාලයක් විකාශනය වන වාර්තාමය චිත්‍රපට වැඩසටහන් අධ්‍යක්ෂකවරයා වන ජේසන් රසල් නැමැත්තාව සැන් දියේගෝ පොලිසිය භාරයට ගෙන ඇති බවට විදෙස් පුවත් එජෙන්සි වාර්තා කරයි. මොහුව මෙලෙස අත්අඩංගුවට ගැනීමට හේතුව වී ඇත්තේ පසු ගිය බ්‍රහස්පතින්දා දින මෙම අධ්‍යක්ෂකවරයා තම යට ඇඳුම පිටින් සැන්දියේගෝ නුවර වීදි පුරා දුවන අයුරු දුටු පුද්ගලයන් කිහිප දෙනෙක් විසින් සැන්දියේගෝ පොලිසිය වෙත පැමිණිලි කළ නිසාය.

සැන්දියේගෝ පොලිස් නිලධාරියෙක් විදෙස් පුවත් මාධ්‍ය වෙත අදහස් ප්‍රකාශ කරමින් කියා සිටියේ සැන්දියේගෝ නුවර රථවාහන ගමනාගමනයට බාධා කරමින් මෙසේ අඩ නිරුවතින් ගමන් කළ අධ්‍යක්ෂකවරයා පිළිබඳව එරට හදිසි ඇමතුම් 911 වෙත පැමිණිලි ලැබුණු අතර එම පුද්ගලයාව අත්අඩංගුවට නොගෙන ඔහුව වෛද්‍ය ප්‍රතිකාර සඳහා පොලිසිය විසින් රැගෙන ගිය බවය. මේ අතරම ජේසන්ගේ හැසිරීම පිළිබඳව පුදුමයට පත් වී තිබෙන ඔහුගේ පවුලේ සාමාජිකයන් පවසන්නේ 33 හැවිරිදි ජේසන් රසල් මත් ද්‍රව්‍ය හෝ මත් පැන් පානයට ඇබ්බැහි වී නොමැති බවයි.

ජේසන් රසල් සැන්දියෝගෝ නුවර පාදක කරගනිමින් පිහිටා ඇති ළමුන්ගේ සුබ සිද්ධිය වෙනුවෙන් කටයුතු කරන ලාභ නොලබන සංවිධානයක නිර්මාතෘවරයා ලෙස කටයුතු කෙරේ.