The Most/Recent Articles

Showing posts with label ICC. Show all posts
Showing posts with label ICC. Show all posts

ජනතා මුදල් හොරා කෑ සුඩානයේ ජනාධිපති බිලියන් 09ක් පිටරට බැංකුවක තැම්පත් කරයි

තම රටේ ආදායමෙන් හොරකම් කර ගත් ඇමෙරිකානු ඩොලර් මිලියන 09 ක් එංගලන්තයේ ඇති බැංකු ගිණුමකට දමාගත් බවට සුඩානයේ ජනාධිපති ඕමාර් අල් බසීර්ට එරෙහිව චෝදනා එල්ල වී තිබේ. මේ කරුණු අනාවරණය වී ඇත්තේ විකිලීක්ස් වෙබ් අඩවිය විසින් හෙළිදරව් කරනු ලැබූ එක්සත් ජනපදයේ තානාපති ලිපිගොනු වලිනි. අදාල කරුණු හෙළි දරව් වී ඇත්තේ එක්සත් ජනපදයේ තානාපතිවරයා ලෙස එකසත් ජාතීන්ගේ කටයුතු කළ අලජන්ද්රෝ වුල්ෆ් සහ ජාත්‍යන්තර අපරාධ අධිකරණයේ සුඩාන ජනාධිපතිවරයාට එරෙහිව නඩුපවරා ඇති නීතිවේදියා වන ලුයිස් ඔකම්පෝ අතර හුවමාරු වූ ලිපියකිනි. අදාල කාරණය හෙළිදරව් කරනු ලැබුව හොත් අදාල ජනාධිපතිවරයාට එරෙහිව මහජන මතයක් ඇති කිරීමටද හැකියාව ඇතැයි ඔවුහු සැලකිල්ලට ගෙන ඇත. එසේම අදාල නීති විරෝධී බැංකු ගිණුම්ද කාරණයක් කොට ගෙන ඔහුව යුධ අපරාධ සඳහා චෝදනාවට අත්අඩංගුවට ගත හැකි බව අවධාරණය කොට ඇත.

සුඩානය ලෝකයේ දුප්පත් රටක් වන අතර එහි 40% ජනගහනයක් දුලිඳු බාවයෙන් පෙළෙති.

Tell a Friend