The Most/Recent Articles

Showing posts with label සංගීතය. Show all posts
Showing posts with label සංගීතය. Show all posts

චාර්ල්ස් අස්නවූර් මතකය

‘අද ජීවත්වෙන්න, හෙට මොනා වේවිදැයි දන්නේ කවුද ?‘ - චාර්ල්ස් අස්නවූර් 


අස්නවූර් යනු කවුද ?


චාර්ල්ස් අස්නවූර් 1924 මැයි 22 වැනිදා මෙළොව එළිය දකින්නේ ආර්මේනියානු කලා පවුලකට දාව ය. වයස අවුරුදු නවය සම්පූර්ණ වීමත් සමගම පාසල හැරයන අස්නවූර්ගේ හීනය වී තිබුණේ ළමා රංගන ශිල්පියෙකු වීමය.


ඔහුගේ මාපියන් දෙවන ලෝක යුද සමයේදී කැබරේ ශාලා වල ගායනයේ යෙදුණු අතර යුදෙව් හා කොමියුනිස්ට් පිරිසට ඔවුන්ගේ නිවසේ රහසිගතව නවාතැන් සැපයීය. සිය පවුලේ උදවිය ගැන පවස ඔහු ‘ප්‍රංශ බස මගේ එදිනෙදා කටයුතු වලදී භාවිත කරන බස වුණත් මගේ පවුලේ අය කතාබහ කළේ ආර්මේනියන් බසයි‘ යන්න පවසා ඇත.




[caption id="attachment_21275" align="alignleft" width="300"] පියා සමඟ[/caption]

නව රැල්ලේ සිනමා නිර්මාණකරුවෙකු වූ ප්‍රංශුවා ටෘෆෝගේ සම්භාව්‍ය ගණයේ සිනමාපටයක් වූ  Tirez Sur le Pianiste (Shoot the Piano Player) මෙන්ම ක්ලෝඩ් චාර්බ්‍රොල්ගේ Fantômes du Chapelier (The Hatter’s Ghost) ආදී නිර්මාණ වලට ද මෙන්ම ගුන්තර් ග්‍රාස් රචනා කළ The Tin Drum ඇසුරින් නිර්මාණය වූ 1979 ඔස්කාර් සම්මාන ලබාගත් සිනමාපටයට ද දායක වූවේය.


එවක සමාජය ප්‍රසිද්ධියේ කතාබහ කිරීමට අකමැති තේමාවන් වූ විවාහ ජීවිතයේ දී මුහුණදීමට වන අභියෝග, පිරිමින්ගේ හැඟීම් හා ආශාවන්, ලිංගික අපචාර මෙන්ම සමලිංගිකත්වය ගැන ද ඔහු ගී ගැයුවේය.


Comme Ils Disent /  What Makes a Man නම් ගීතය 1973 දී බිහිවූ අතර මෙහි තේමාව වී තිබෙන්නේ සමරිසි පුරුෂයෙකු පිළිබඳවයි. මේ ගැන පසුකලෙක මාධ්‍ය හමුවේ අදහස් දැක්වූ ඔහු පැවසුවේ,


‘‘සමරිසි බව ගැන ප්‍රංශයේදී මුලින්ම ගීතයක් රචනා කළේ මමයි. මගේ සමරිසි මිතුරන් මුහුණදෙන ඔවුන්ටම අනන්‍ය ප්‍රශ්න ගැන කියන්න මට වුවමනා වුණා. මේ පිරිස නිරන්තරයෙන් සමාජයේ කොන්වීමට ලක්වුණා. ඔවුන් ගැන වෙනස් විදියට දකින්න මේ හරහා හැකියාව ලැබුණා.‘‘


 

සිය ගායනය ගැන ස්වයං විවේචනයක නිරත වූ අස්නවූර් වරෙක පැවසුවේ, ‘‘මං සම්භාව්‍ය තලයේ අතිදක්ෂ ගායකයෙකු දැයි මා දන්නේ නැහැ. නමුත්, කටහඬක රැඳී තිබෙන සුන්දරත්වයට වඩා අතිශය වැදගත් වන්නේ භාවාත්මකව ගීතයක් ඉදිරිපත් කරන අන්දම හා ඒ තුළ ජීවිතය චිත්‍රණය කරන අයුරුයි. මගේ හැම ගීතයකින්ම කියන්න උත්සහ කළේ පෞද්ගලික හා අපිට අතිශය සමීප අත්දැකීම් ගැනයි‘ යන්නයි. 

 


ගීත 1400 කට අධික ප්‍රමාණයක් ගායනා කළ ඔහුගේ ගීත ඇල්බම් ලොව පුරා රටවල් 80 ක අලෙවි වී ඇත. සංඛ්‍යාත්මකව ගතහොත් එය මිලියන 100 කට අධිකය. අස්නවෝර් ගායනා කළ ගීත 1400 න් 1300 ක් පමණම ලියැවුණේ ඔහු විසින්ම වීම විශේෂය. තෙවරක් විවාහ වූ ඔහු දරුවන් හය දෙනෙකුගේ පියෙකි.


ප්‍රංශයේ සිනෙට්‍රා යන නමින් හැඳින්වුණු මේ අපූරු ගායන ශිල්පියා පසුගිය ඔක්තෝබර් 1 වැනිදා සිය දිවියෙන් නික්මී යනවිට 94 හැවිරිදි වියේ පසුවූවේය.


 

[caption id="attachment_21276" align="alignright" width="300"] තරුණ වියේදී[/caption]

මගේ ජීවිතය වේදිකාවයි


‘‘මං ජීවත්වෙන්නේ වේදිකාව මතයි. අනිවාර්යයෙන්ම වේදිකාව මතදී මං දැඩි ප්‍රමෝදයට පත්වෙනවා. මගේ සොහොයුරිය හා මා අවුරුදු 100 ක් ජීවත්විය යුතු බව තීරණය කළා. ඒ තරම් කාලයක් ජීවත්වෙන්න වාසනාව ලැබුණොත් අපිට වාර්තාවක් තබන්නට හැකිවේවි. මේ ගමන අතරතුරදී මට වගේම ඇයටත් නවතින්න බැහැ ‘‘ යනුවෙන් පසුගිය සැප්තැම්බර් 28 වැනිදා සවස ප්‍රංශ රූපවාහිනියේ විකාශය වූ  ඔහු සහභාගී වූ අවසන් සම්මුඛ සාකච්ඡාවේදී පැවසුවේය. මෙහිදී චාර්ල්ස් පැවසුවේ තවදුරටත් තමන්ට ගී ගැයීමට අවස්ථාව නොලැබුණොත් තමා මියයාවි යන්නයි.


 

මනාව සංකලනය වූ ආකර්ශණීය ගී පද මෙන්ම රසවත් ගී ගැයූ ශිල්පියෙකු ලෙස ප්‍රකටය. ඔහු ගැයූ Après l’Amour නම් ගීතය ප්‍රංශ ගුවන්විදුලිය 1955 තහනම් කළ අතර ලිංගික එක්වීමෙන් පසුව සතුටට පත්වූ යුවළක් සතුටින් ඉපිලෙන අන්දම ‍මේ ගීයේ නිරූපණය කර තිබීම ඊට හේතුවිය.



ප්‍රේමයේ සුන්දරත්වය ගැන ගැයුණු She නම් ගීතය 1974 දී නිර්මාණය වූ අතර පෙම්වතුන්ට දැනෙන සතුට මෙන්ම ඔවුන් අතර ඇතිවන සුළු සුළු ගැටුම් ගැන ද මින් පැවසේ. ‘මගේ ජීවිතයේ අරුත ඇයයි‘ යන්න මේ ගීතයෙන් කියැවේ. මේ ගීතය ප්‍රංශය, ජර්මනිය, ඉතාලිය හා ස්පාඤ්ඤයේ දී ද අතිශය ජනප්‍රියත්වයට පත්වූ අතර එක්සත් ජනපදයේ ගීත දර්ශකයන්හි සති හතරක් පුරා අංක එකේ රැඳී තිබුණි.


සිනෙට්‍රා, එල්ටන් ජෝන්, සෙලීන් ඩියොන්, බ්‍රයන් ෆෙරී හා ස්ටින් සමග එක්ව ගීත නිර්මාණ ද සිදුකර ඇත. සහෝදර ජනයා වෙනුවෙන් සහන සැලසීමට ද ඔහු නිරන්තරයෙන් එක්වී ඇත. හයිටියේ ඇතිවූ භූමි කම්පාවෙන් විපතට පත්වූවන්ට සහන සැලසීමට අවශ්‍ය අරමුදල් සම්පාදනයට ප්‍රංශයේ සිටින තරුණ රැප් තරු සමග එක්වී  Un Geste pour Haiti Chérie ගීතය  2010 දී ගායනා කළේය.


ඔහු හා ලීසා මිනෙලි නම් ගායන ශිල්පිනිය සමග කලක් පෙම් සබඳතාවක් පවත්වාගෙන ගිය අතර 2014 දී ඒ ගැන Telegraph වෙත අදහස් දක්වමින් පැවසුවේ, ‘ඇය මගෙන් බොහෝ දේවල් ඉගෙනගත්තා. කොයි මොහොතක හරි ඇයට හෝ මට කටවහන්න සිද්ධවෙන බව ඈ කිව්වා‘ යන්නයි.



ඔහු නැති සොවින් තැවෙන අය


ප්‍රංශ ජනාධිපති එම්මානුවෙල් මැක්රොන් ට්වීටර් පණිවිඩයක් නිකුත් කරමින් පැවසුවේ, ‘චාර්ල්ස් අස්නවෝර් සිය ආර්මේනියානු අක්මුල් අමතක නොකළ අතිශය හෘදයාංගම ප්‍රංශ ජාතියෙක් වුණා පමණක් නොවේ මුළු ලොවක් ඔහු ගැන දැන හිටියා. පරම්පරා තුනක් අත්විඳි ප්‍රමෝදය මෙන්ම දුක, වේදනාව ද ඔහු අත්දුටුවා. චාර්ල්ස්ගේ අග්‍රගණ්‍ය නිර්මාණයන් තුළ රැඳී තිබෙන්නේ ඔහුගේ  කටහඬේ ගැබ්වී තිබෙන අපූර්ව ස්වරය මෙන්ම ඔහුටම අනන්‍ය වූ ප්‍රභාවයි.‘‘ යන්නයි. 


 

 

අස්නවූර් ජීවිතය ගැන කළ සඳහනකින් මේ සටහනට නිමාව තබන්නම්.

‘‘ජීවිතයේදී කිසිම දෙයක් බලාපොරොත්තු වෙන්නේ නැති බවට මිනිස්සු විශ්වාස කළත්, අපි හැමවිටම කිසිවෙකු හෝ කිසිවක් බලාපොරොත්තු වෙනවා‘‘ 

 

 

Xtra, The Guardian, BBC හා The New York Times ඇසුරිනි 


සටහන - වින්ධ්‍යා ගම්ලත් 

 

දිවි ගමනින් නික්මුණු ‘ආත්මයේ රැජිණ‘ - අරිතා ෆ්‍රෑන්ක්ලින්

‘ඔබ හැබෑම කලාකරුවෙකු වෙන්න, ඔබ කරන කියන දෑ විශ්වාසයෙන් යුතුව සිදුකරන්නට නොහැකි නම් එය නොකර ඉන්න‘

 

‘ආත්මයේ රැජිණ‘ යන නමින් හැඳින්වුණු අරිතා ෆ්‍රෑන්ක්ලින් සිය දිවියේ 76 වන කඩඉම පසුකරමින් සිටියදී  ඊයේ (16) දින දිවියෙන් සමුගත්තාය. මිචිගන් හි ඩෙට්රොයිට් හි පිහිටි සිය නිවසේදී ජීවිතය හැරගිය අරිතා 2010 වසරේදී සිට අග්න්‍යාෂයේ වැළඳුණු පිළිකාවකින් පීඩා විඳිමින් සිටියාය.

අරිතා අවසන් වශයෙන් ප්‍රසංග වේදිකාවේ පෙනී සිටියේ එල්ටන් ජෝන් පදනම විසින් පසුගිය නොවැම්බර්යේදී නිව්යෝර්ක්හි පැවැත්වූ උළෙලේදී ය.

‘අපේ ජීවිත වල අඳුරට මුහුණදුන්නු අවස්ථාවකදී මේ විඳින වේදනාව වචනයෙන් පවසන්නට බැහැ‘ යනුවෙන්  අරිතාගේ මරණය පිළිබඳ මාධ්‍යට සැලකළ ඇගේ පවුලේ සමීපතමයින් පවසයි.

[caption id="attachment_20602" align="alignnone" width="195"] අරිතා ප්‍රසංගයක් අතුරතුරදී[/caption]

 

අවුරුදු 13 මව සංගීත ලෝකයට ආ හැටි

1942 මාර්තු 5 වැනිදා  මෙලොව එළිය දුටු අරිතා මිසිසිපි ගඟ සමීපයේ වූ මෙම්පිස් හි හැදී වැඩුණාය. අරිතාට වයස අවුරුදු 6 ක් ගතවූ තැන ඇගේ මාපියන් නීතියෙන් වෙන්වුණු අතර ඇයට වයස අවුරුදු 10 ක් එළඹුණු විට මව ද ජීවිතක්ෂයට පත්විණි. පසුකාලීනව අරිතා සංගීත ක්ෂේත්‍රයට පිවිසෙන්නේ ගොස්පෙල් ගායිකාවක හා පියානෝ වාදන ශිල්පිනියක ලෙසිනි.

[caption id="attachment_20605" align="alignnone" width="300"] ග්ලින් හා පුතු සමග (1978)[/caption]

 

උසස් පාසලේ ඉගෙනගන්නා සමයේදී වයස අවුරුදු 13 දී මව් පදවිය ලබන අරිතා ඉන් වසරක් ඉක්ම ගිය තැන වෙනත් පියෙකුට දාව උපන් සිය දෙවන දරුවාට ද උපත දුන්නාය. ටෙඩ් වයිට් ඇගේ පළමු සැමියා වූ අතර රංගන ශිල්පියෙකු වන ග්ලින් ටර්මන් සමග ඇය 1978 වසරේදී විවාහ වූවාය. 1984 දී මේ විවාහය දෙදරා යන අතර මියයන විට ඇය දරුවන් සිව්දෙනෙකුගේ මවක් වූවාය.

[caption id="attachment_20603" align="alignnone" width="236"] නිව්යෝර්ක්හි පිටිහි කොළොම්බියා ශබ්දාගාරයේදී පටිගත කිරීමක් අතරතුර (1962)[/caption]

 

කොළොම්බියා තැටියෙන් ඇට්ලැන්ටික් තැටි වලට

කොලොම්බියා තැටි වලට සිය හඬ එක්කළ ඇය 1966 වසරේදී ඇට්ලැන්ටික් ලේබලයට හඬ මුසු කළාය. මෙකල ඇය ජනාදරයට පත්වන්නේ Respect ගීතය හරහාය.

‘Lady Soul‘ නමින් මෙකල ඇමරිකාව හා යුරෝපය පුරා ජනප්‍රියත්වයට පත්වූ අරිතා Time සඟරාවේ කවරයට ද සිය රුව මුසුකරන්නට වරම් ලැබුවාය. කළු ජාතික කාන්තාවක් ලෙස මේ සමයේදී ඇය හිමිකරගත් ගෞරවාදරය මෙන්ම ඇගේ අපූර්ව හැකියාව වෙනුවෙන් මාර්ටින් ලූතර් කිං ඇය වෙත සම්මානයක් ද පුද දී ඇත.

[caption id="attachment_20608" align="alignnone" width="226"] Time කවරයේ ඡායාරූපය[/caption]

 

අරිතාව අගයන කරන පුද්ගල චරිත හා සංගම් 

දශක 7 ක් සැපිරුණු ඇගේ නිර්මාණ දිවියේදී ග්‍රැමී සම්මාන 18 කින් පිදුම් ලැබූ ඇය Respect (1967) හා I Say A Little Prayer (1968) ගීත වලින් ජනාදරයට පත්වූවාය. එමෙන්ම, ජීවිතයේ එක් වරක් පමණක් පිදෙන ග්‍රෑමී සම්මානයෙන් 1994 වසරේදී පිදුම් ලබන්නට ද සමත්වූවාය. බිල්බෝර්ඩ් චාර්ට් අතරට අරිතාගේ ගීත 100 කට අධික ප්‍රමාණයක් ඇතුළත් වී ඇත.

Rock හා Roll සංගීත ශෛලීන් වෙනුවෙන් සුවිශේෂී දායකත්වය ලබාදුන් කලාකරුවන් අගයන Rock & Roll Hall of Fame (1987) වෙත ප්‍රවිශ්ට වූ පළමු කාන්තාව ඇයයි. මෙතෙක් කලක් ලොව බිහිවූ විශිෂ්ඨතම ගායන ශිල්පීන් 100 දෙනා අතරට ද ඇය අයත්ය.

බැරැක් ඔබාමා ජනපති ලෙස ධූරය දෙන අවස්ථාවේදී සිය ගායනයෙන් ඒ අවස්ථාව ඔපවත් කළාය. එමෙන්ම, ඇමරිකානු සංස්කෘතිය වෙනුවෙන් සුවිශේෂී මෙහෙවරක් කළ පිරිස් වෙනුවෙන් පිදෙන Kennedy Center ගෞරව ප්‍රදානයේදී අරිතා You Make Me Feel Like ගීතය ගායනා කළ අවස්ථාවේදී එවක ජනපතිධූරය දැරූ ඔබාමා හැඟීම්බර වූවේය.

[caption id="attachment_20604" align="alignnone" width="234"] විශිෂ්ටතම ගායන ශිල්පිනියට (R&B) හිමිවූ ග්‍රැමී සම්මානය අතැතිව (1975)[/caption]

 

සිවිල් අයිතීන් පිළිබඳ ව්‍යාපාරය වෙනුවෙන් සිය හඬ අවදි කළ අරිතාගේ නික්මීමත් සමග බිල් හා හිලරි  ක්ලින්ටන්  යුවළ නිවේදනයක් නිකුත් කරමින් පැවසුවේ ‘වසර 50 ක් පුරාවට ඇය අපේ ආත්මය කැළඹුවා‘ යන්නයි.

‘ඇමරිකාව යනු කුමක්දැයි වටහාගන්නට ඇගේ කටහඬ හේතුවුණා. ඇමරිකාවේ ඉතිහාසය, අපේ බලය මෙන්ම වේදනාව ද ඇගේ කටහඬින් අවදි කළා‘ යනුවෙන් බැරැක් ඔබාමා ඇය ගැන පවසයි.

ජෝර්ජ් ඩබ්ලිව් බුෂ් ජනපතිධූරය දරන සමයේදී Presidential Medal of Freedom 2005 වසරේදී හිමිකරගැනීමට සමත්වූ ඇය ඇමරිකාවේ ජාතික සම්පතක් බව ක්ලින්ටන් ජනපතිතුමා වරෙක පැවසුවේය.

‘දෙවියන්ගෙන් තිළිණ වූ අපූර්ව  කටහඬක් තිබුණු ඇය අතිවිශිෂ්ඨ කාන්තාවක්‘ යැයි ඩොනල්ඩ් ට්‍රම්ප් ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් පැවසුවේය.

‘කළු ජාතික කාන්තාවක් නොතකා හරින්නේ නැහැ‘ යනුවෙන් සිවිල් අයිතීන් වෙනුවෙන් වූ ඇමරිකානු සංගමය ඇය ගැන (ACLU) පවසයි.

 



 

BBC හා The New York Times (ඡායා)

සටහන - වින්ධ්‍යා ගම්ලත්