(July 13, Colombo, Sri Lanka Guardian) උතුරු පළාතේ පුරන්ව ඇති කුඹුරු අක්‌කර 5000 ක් පමණ මේ වසර තුළ නැවත වගා කිරීමට කෘෂිකර්ම සංවර්ධන හා ගොවිජන සේවා අමාත්‍යාංශය සැලසුම් කර ඇත. මෙම කුඹුරු වගා කිරීම සඳහා අමාත්‍යාංශය රුපියල් මිලියන 75 ක මුදලක් වෙන් කිරීමට සූදානම් වන අතර ගෙවතු වගා වැඩසටහන්, අතිරේක බෝග වගා කිරීම සඳහා සිය අමාත්‍යාංශයේ අවධානය යොමුව තිබෙන බව එහි නිලධාරියෙක් පැවසීය.
මේ වන විට උතුරේ වගා වැඩසටහන් දියත් කළ යුතු ආකාරය සම්බන්ධව ව්‍යාපෘති රැසක් සූදානම් කර ඇතැයි ද, පසු අස්‌වනු තාක්‍ෂණය පිළිබඳවද උතුරේ ගොවීන් දැනුවත් කිරීමට අමාත්‍යාංශය ඉදිරියේදී පියවර ගන්නා බව ද හෙතෙම වැඩිදුරටත් කියා සිටියේය.
Home Unlabelled උතුරේ පුරන් වූ කුඹුරු අක්‌කර 5000 ක් මේ වසරේ වගා කෙරේ
උතුරේ පුරන් වූ කුඹුරු අක්‌කර 5000 ක් මේ වසරේ වගා කෙරේ
By Sri Lanka Guardian • July 13, 2009 • • Comments : 0
Subscribe to:
Post Comments
(
Atom
)
Post a Comment