ෂමින්ද්‍ර ෆර්ඩිනැන්ඩු
(July 09, Colombo, Sri Lanka Guardian) එල්.ටීටී.ඊ ත්‍රස්‌තවාදීන් සමග කළ යුද්ධයේදී අඩාළ වූ ජන ජීවිත සහ විනාශයට පත් දේපොළ යථා තත්ත්වයට පත් කිරීමේ ආර්ථික අභියෝගයකට රජය මුහුණ දෙමින් සිටින අතර තුර පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සඳහා මහා පරිමාණයේ නිවාස ව්‍යාපෘතියක් පටන් ගැනීමට රජය සූදානම් වෙමින් සිටින බව විශ්වාස කටයුතු මාර්ගයකින් දැන ගන්නට ඇත.
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට නිවාස 150 ක් නියෝජ්‍ය කතානායකට සහ කමිටු නියෝජ්‍ය සභාපති වරුන්ට නිවාස 02 ක් පාර්ලිමේන්තුවේ මහා ලේකම් නියෝජ්‍ය මහා ලේකම් සහ සහකාර ලේකම් යන තිදෙනාට නිවාස 03 ක් ඉදි කිරීමට නිවාස කමිටුවට නිර්දේශ කර ඇති බව දැන ගන්නට ඇත.
මහරගම පිහිටි වීර මාවත කලල්ගොඩන නමැති ගමේ පිහිටි භූමි භාගයක මෙම නිවාස ඉදිකිරීමට සැලසුම් කර ඇති බවත්, එම නිවාස ව්‍යාපෘතිය සියලුම පහසුකම්වලින් සමන්විත වන බවත් ආරංචි මාර්ග හෙළි කළේය.
ඇමැතිවරුන්ගේ නිවාස ඉල්ලුම සපුරාලීමට රාජ්‍ය පරිපාලන සහ ස්‌වදේශ කටයුතු අමාත්‍යාංශයට නොහැකි නිසා නගර සංවර්ධන අධිකාරිය එම කාර්යයට ඉදිරිපත් විය යුතුයෑයි දැනුම් දෙමින් ජනාධිපති ලේකම් කාර්යාලයෙන් නිවාස කමිටුවට ලිපියක්‌ද ලැබී ඇත.
තම පදිංචිය සඳහා නිවාස තිබුණ ද ඇමැතිවරු 40 ක් මාසික නිවාස දීමනාවක් හැටියට රුපියල් ලක්‌ෂය බැගින් බදු ගෙවන්නන්ගේ මුදල් ලබා ගනිති. එම ගෙවීම කරනු ලබන්නේ ඇමැතිවරුන්ට නිවාස ලබාදීමට රාජ්‍ය පරිපාලන සහ ස්‌වදේශ කටයුතු අමාත්‍යාංශය අසමත් වී ඇත යන්න පදනම් කරගෙනය. -Sri Lanka Guardian
Home Unlabelled මැති ඇමැතිවරුන් සඳහා සුපිරි නිවාස සංකීර්ණයක්
මැති ඇමැතිවරුන් සඳහා සුපිරි නිවාස සංකීර්ණයක්
By Sri Lanka Guardian • July 09, 2009 • • Comments : 0
Subscribe to:
Post Comments
(
Atom
)
Post a Comment