පාර්ලිමේන්තු දණ්ඩමුක්තියට මුවා වී බොරුගොතන හෘදයසාක්ෂිය කුණු වූ නිරුවත් වානරයා

ශ්‍රී ලංකාව වැනි රෝගී ප්‍රජාතන්ත්‍රවාදයක් ඇති රටක මනුෂ වැනි හෘදය සාක්ෂිය කුණු වූ පුද්ගලයෙකුට තම වාචාලකමින් හැකි උපරිම දේශපාලන වාසි ලබාගත හැකිය.මන්ද  මේ දේශපාලන ක්‍රමය නිර්මාණය කොට ඇත්තේ මෙවැනි අසික්කිත වචාලයින් පිනවීමටය.

කතුවැකිය 

පාර්ලිමේන්තු මන්ත්‍රී මනුෂ නානායක්කාර අප්‍රසන්න ලෙස දුගඳ හමන කුණු වූ බොරුකාරයෙකි. මීට වසර තුනකට පමණ පෙරදී සිදුවූ ඉස්ලාමීය අන්තවාදීන් විසින් සිදුකළ පාස්කු ත්‍රස්ත ප්‍රහාරය ගැන කිසිම සාක්ෂියක් නොමැතිව  තෝරාගත් පුද්ගලයින් කිහිප දෙනෙකුට දිගින් දිගටම ඔහු චෝදනා එල්ල කරන්නේය. එහෙත් කිසිම චෝදනාවක් ඔප්පු කිරීම සඳහා ඔහුට කිසිම සාක්ෂියක් නැත. පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස හිමි වරප්‍රසාද නීච ලෙස අවභාවිතය කරමින් හැසිරෙන මෙම (අ)මනුෂ, තරුණ දේශපාලනඥයෙකු ලෙස ලජ්ජා විය යුතු චරිතයකි. එහෙත්  බොරුකාරයින්ට ලැජ්ජාවක් තිබේ යැයි සිතීම විහිළුවකි. මෙවැනි බොරුකාරයින්ට ඇමතිය යුත්තේ තේරෙන බසිනි. 

හෘදය සාක්ෂිය කුණු වූ මෙම නිරුවත් වානරයා සමස්ථ රාජ්‍යයට සහ පොදු මහජනතාවට දීර්ඝ කාලීනව සිදුකරමින් සිටින විනාශය එසේ මෙසේ යැයි කිව නොහැකිය.  දේශපාලන වාසි ලබා ගැනීමේ එකම අදිටනින් අද දින එනම් අප්‍රේල් 21 වැනිදා  ඔහු ඉදිරිපත් කළ පාර්ලිමේන්තු කතාවේදී රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු සහ වත්මන් අධ්‍යක්ෂකවරුන් දෙදෙනාට එරෙහිව චෝදනා කරමින් පාස්කු දින එල්ල වූ ත්‍රස්තවාදී ප්‍රහාරය ඔවුන් දෙදෙනාගේ කුමන්ත්‍රණයක් බව සඳහන් කළේය.  නමුත් ඔහුගේ චෝදනාව ඔප්පු කිරීම සඳහා ඉදිරිපත් කළ හැකි සාක්ෂි කිසිවක් ඔහුට තබා කිසිවෙකුට නැත. මන්ද එය අමූලික බොරුවකි.  විලිසංගයක් නැති බේබද්දෙකු රා කලයක් බී හන්දියක ඝෝෂාකරමින් වීරයෙකු වීමට දඟලන විලාසය හා සමාන ජවනිකාවක් ඔහු අදදින පාර්ලිමෙන්තුවේදී රඟ දක්වනු ලැබීය. ඒ සඳහා "පාර්ලිමේන්තු දණ්ඩමුක්තිය" ඔහුට හිමිය. ඊට මුවාවී ඕනෑම කැත කතාවක් ඉදිරිපත් කළ හැකිය. ඕනෑම අයෙකුගේ චරිතය ඝාතනය කොට ඔහුගේ හෝ ඇයගේ පමණක් නොව ඔවුන්ගේ පවුලේ සමාජිකයින්ගේද ජීවිත අනතුරේ හෙළිය හැකිය. 

ශ්‍රී ලංකාව වැනි රෝගී ප්‍රජාතන්ත්‍රවාදයක් ඇති රටක මනුෂ වැනි හෘදය සාක්ෂිය කුණු වූ පුද්ගලයෙකුට තම වාචාලකමින් හැකි උපරිම දේශපාලන වාසි ලබාගත හැකිය.මන්ද  මේ දේශපාලන ක්‍රමය නිර්මාණය කොට ඇත්තේ මෙවැනි අසික්කිත වචාලයින් පිනවීමටය. ලංකාවේ පාර්ලිමේන්තුව මේ වන විට එංගලන්තයේ ඇති හයිඩ් පාර්ක් පිටිය හා සමාන තත්වයට පත්වී ඇත්තේ මේ නිසාය. ඕනෑම අයෙකුට ඕනෑම කුණුහරපයක් කියා තම ආතතිය නිදහස් කරගත හැකි අම්බලමක් බවට මෙරට පාර්ලිමේන්තුව පත් වී ඇත.  මේ හා සමාන දකුණු ආසියානු උදාහරණය වන්නේ කේරල ප්‍රාන්තයේ පිහිටි කොඩුංගල්ලූර් භගවතී හින්දු කෝවිලය. මෙම කෝවිල වන්දනාමාන කිරීමට යන බැතිමතුන් යාඥා කළ යුත්තේ කුණුහරප වලිනි පමණි. එහි පවත්වන භරණී මංගල්‍යය සඳහා පැමිණෙන බැතිමතුන් දෙවියන් හා දේවතාවුන්ට එරෙහිව කුණුහරප හා අශිෂ්ඨ ගීතිකා ගයති. 

තම වගකීම් පැහැර හැරීම වසා ගැනීම සඳහා ව්‍යාජ කුමන්ත්‍රණ වලින් පාස්කු ප්‍රහාරයේ සැබෑ සත්‍යය යටපත් කළ හැකිබව මනුෂ ඇතුළු අවර්ණ දුර්ගන්ද කල්ලිය දනිති. මෙම බොරුකරයින්ගේ පාරාදීසය පාර්ලිමේන්තුව වී ඇත්තේ මන්ද ? තමන් ඉදිරිපත් කරන කරුණු සත්‍යය වන්නේ නම් ඔහුට එම කරුණු පාර්ලිමේන්තුව තුළදී පමණක් නොව පිටතදීද ඉදිරිපත් කළ හැකිය. එහෙත් මනුෂ වැනි කශේරුකාවක් නොමැති වාචාලයින් තමන් කියන්නේ බොරු බව ඉතා හොඳින් දනිති. ඒ බොරුව සමාජගත කොට සමස්ථ රට මුලාවේ නොදැමීමෙන් දේශපාලන අනාගතයක් නැතිබවද ඔහු දන්නේය. මේ නිසා ඔහු ඇතුළු කල්ලිය දිගින් දිගටම බොරු කියන්නේය. පාස්කු ප්‍රහාරය ගැන ඔප්පු කළ නොහැකි ව්‍යාජ කුමන්ත්‍රණයක් සමාජ ගත කරන්නේය. 

මෙවැනි විලිලැජ්ජාවක් නැති පාදඩයින්ට රටක ජාතික වගකීම් පැවරිය හැකිද? විවිධ පටු අරමුණු මුදුන් පමුණුවා ගැනීම වෙනුවෙන් මොවුන් මේ සිදුකරන ජාතික අපරාධ වැළක්වීම සඳහා වහාම පියවර ගතයුතු නොවේද? මෙවැනි අණුවන කොන්ද පණ නැති නිවටයින්ගෙන් රටට තබා ඔවුහුගේ පවුල්වල සමාජිකයින්ටවත් සුගතියක් නැත. මන්ද බොරුව පදනම කරගෙන ගොඩ නගාගත් ජීවිතයක් ගතකරන පුද්ගලයෙකුගෙන් සත්‍යය සිහිනයකින්වත් බලාපොරොත්තු විය නොහැකිය. මනුෂ සමස්ථ ජීවිතය පුරාම තම පැවැත්ම තහවුරු කර ගැනීම වෙනුවෙන් සිදුකරන්නේ බොරුව යළි යළිත් පතුරුවා හැරීම පමණි. 

මොවුන්ගේ මෙම පිළිකුල් සහගත දේශපාලන සෙල්ලම සඳහා තම රාජකාරිය නිවැරදිව ඉටු කරන නිලධාරීන් මෙවලම් ලෙස භාවිතා කිරීමට ඉඩ නොදිය යුතුය. රටක අවාසනාවට බිහි වෙන මෙවැනි දේශපාලන  පරපෝෂිතයින්යින්ගෙන් රාජ්‍යය ආරක්ෂා කරගැනීමට හැකි එකම මාර්ගය එයයි. ඒ සඳහා සෑම අයෙකුටම වගකීමක් පැවරී ඇති අතර එම සාමූහික වගකීම මේ මොහොතේ ඉතාම තීරණාත්මක වේ. 

ශ්‍රී ලංකා ගාර්ඩියන්