''මේ ආණ්ඩුවට පැරණි කළු මර්දනීය ඉතිහාසයක් තියෙනවා'' - අනුර


 

ජනතා විමුක්ති පෙරමු‍ණේ නායක අනුර කුමාර දිසානායක අද (7) පාර්ලිමේන්තුවේදී අවධාරණය කළේ, ආණ්ඩුව විසින් සිරසට එරෙහිව දැඩි මර්දනයක් නිකුත් කරමින් සිටින බවයි. 

''සිරසට ක්ලේමෝ ගහපු තොරතුරු කෝ. සියතට බෝම්බ ගහපු තොරතුරු කෝ. ගරු කථානායකතුමනි, ගැසට් ගහලා, නියෝග ගහලා නෙමෙයි සිරසට බෝම්බ ගැහුවේ. ගැසට් ගහලා නියෝග ගහලා නෙමෙයි සියතට ගිනි තිබ්බේ. ගැසට් ගහලා නියෝග ගහලා නෙමෙයි ඉරුදින කාර්යාලයට ගිනි තිබ්බේ. ගැසට් ගහලා නියෝග ගහලා නෙමෙයි ලසන්ත වික්‍රමතුංග ඝාතනය කළේ. ගැසට් ගහලා නියෝග ගහලා නෙමෙයි පෝද්දල ජයන්තට පහරදුන්නේ....

ගරු කථානායකතුමනි, ගැසට් නිවේදන වලට වැඩකරන ආයතනයක් නෙමෙයි මේක. මේකට පැරණි කළු මර්දනීය ඉතිහාසයක් තියෙනවා. මේ පැරණි කළු මර්දනීය ඉතිහාසයේ සෙවණ තමයි මේ දියත් කරමින් සිටින්නේ.'' යන්නයි.