''සිරස විකාශන බලපත්‍රය අහිමි කරන්න කුමන්ත්‍රණයක් ක්‍රියාත්මකයි'' - සජිත්



විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස අද (7) පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් පැවසුවේ සිරස මාධ්‍ය ආයතනයට එරෙහිව ආණ්ඩුව විසින් මර්දනයක් දියත් කරන බවයි. 

ඔහු ඒ පිළිබඳ වැඩිදුරටත් පැහැදිලි කරේ මෙලෙසිනි,

‘නිදහස් නිවහල් රටක ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කිරීමේ සිව්වන කුළුණ මාධ්‍ය. මං මේ කියන කාරණාව ඉතාමත්ම වගකීමෙන්, ඒ වගකීම මමම භාර අරගෙනයි මං මේ කතාව කියන්නේ.

 මේ වනවිට හැමෝම දන්නවා, මේ ජන සමාජයේ පුංචිම තැන ඉඳලා,  මේ රටේ ජන සමාජයම නියෝජනය කරමින්, රටේ සිදුවෙන ක්‍රියාකාරකම් රටේම ජනතාවට දැනුවත් කරන්න, තොරතුරු සපයන්න, ඒ ප්‍රජාතන්ත්‍රවාදී කාර්යභාරය ඉස්තරම් විදියට කරන රූපවාහිනී නාලිකාවක් සිරස නාලිකාව. මේ වනවිට අපට දැනගන්නට ලැබිලා තියෙනවා, ඉතාමත්ම විශ්වාසනීය විදියට මේ කාරණාව රජයේ ඉහළ පෙළේ කණ්ඩායමක්, නීතිඥවරුන් ඒකරාශී කරගෙන සිරස මාධ්‍ය ජාලයේ ඒ විකාශන බලපත්‍රය කුමන හෝ නීතිමය තත්ත්වයක් තුළ අහිමි කරන්න, ඒ කියන්නේ මේ රටේ ජනතාවට ඇත්ත දැනගන්න, ඒ නාලිකාවේ ක්‍රියාකාරකම් සම්පූර්ණයෙන්ම නතර කරන්න ලොකු කුමන්ත්‍රණයක් ක්‍රියාත්මක කරනවා. මේක මේ රටේ ජනතාව දැනගන්න ඕන. ලෝකයේ සිටින සියලුදෙනත් දැනගන්නට ඕන.’’