ෂැංහයි ලෝකයේ විශාලත ම ස්වයං මෙහෙයුම් සහිත තනි වරාය බවට පත්වේ



නූතන ලෝකයේ ඉතා වැදගත් ප්‍රවාහන ක්‍රමයක් වන්නේ මුහුදු ප්‍රවාහනයයි. එහිදී වරාය මගින් ඉ‍ටුවන්නේ සුවිශේෂී‍ මෙහෙවරක්. ෂැංහයි වරාය ෂැංහයි නගරයට ආසන්නව පිහිටා ඇති අතර ගැඹුරු වරායක් සහ ගංගා වරායක් ද ඊට අයත්.මෙම වරාය ලෝකයේ කාර්යබහුලම වරාය බවටද පත්ව තිබේ. ඊට අමතරව එය වෙළඳ, ව්‍යාපාර සහ මූල්‍ය පිළිබඳ වැදගත් මධ්‍යස්ථානයක් වන අතර ඉහළ සංවර්ධිත යටිතල පහසුකම් සහ භාණ්ඩ හා මගී සම්බන්ධතා ජාලයකින් සමන්විත වරායක් ලෙස ද හැඳින්වේ.

ෂැංහයි වරාය යනු ලොව විශාලතම වරාය වන අතර එය 1842 දී  ක්‍රියාත්මක තත්ත්වයට පත්වූ වරායකි. වසර ගණනාවක් පුරා මෙම වරාය කලාපයේ වැදගත්ම වරායක් බවට පත්ව ඇත. වරාය වර්ග කිලෝමීටර 4 කට ආසන්න භූමි ප්‍රදේශයක් පුරා පැතිර ඇත.

මෙම වරාය චීනයේ විවිධ පළාත්වලට සම්බන්ධ වන යැංසි ගඟ හා සම්බන්ධ වී  තිබේ.මෙම වර‍ායේ තවත් කැපී පෙ‍නෙන ලක්ෂණය නම් මිනිසුන් රහිත ස්වයං මෙහෙයුම් වරායක් ලෙසටත් පර්යන්තයක් ක්‍රියාත්මක වීමයි.



එය ලෝකයේ විශාලත ම ස්වයං මෙහෙයුම් සහිත තනි වරාය ලෙසට හැඳින්විය හැකියි. භූමිය අභ්‍යන්තරයේ පවතින හැට දහසකට වැඩි චුම්බක සංවේදක උපකරණ හරහා මෙම මිනිසුන් රහිතව බහාලුම් ධාවනය කිරීමේ හැකියාව පවතී.

මෙම නව තාක්ෂණික පද්ධතිය ෂැංහයි වරායේ වාර්ෂික ප්‍රවාහන ධාරිතාව කන්ටේනර් මිලියන 40 ඉක්වමා යාමට ද හේතුවී ඇත.