සාහිත්‍ය මාසය වෙනුවෙන් ඉතාලි කෘති දෙකක් සිංහලට


ඉතාලි ජාතික ලේඛිකා සුසන්නා තමාරෝගේ ‘ෆලෝ යුවර් හාට්‘ සහ ‘ටයිගර් ඇන්ඩ් ද ඇක්‍රෝබැට්‘ කෘතීන් දෙක ලේඛිකාවක හා කෙටි චිත්‍රපට නිර්මාණ ශිල්පිනියක වන නිපුනිකා ප්‍රනාන්දුගේ පරිවර්තන කෘතීන් ලෙස සාහිත්‍ය මාසයේදී එළිදැකීමට නියමිතය.  ‘ෆලෝ යුවර් හාට්‘ කෘතිය ‘හදවතට ඉඩදෙන්න‘ ලෙසින්ද ‘ටයිගර් ඇන්ඩ් ද ඇක්‍රොබැට්‘ කෘතිය ‘කොටියා සහ පිනුම්ගසන්නා‘ යන නමින්ද සුභාවි ප්‍රකාශනයක් ලෙස පාඨකයින් වෙත තිළිණ වේ.  

ෆලෝ යුවර් හාට් කෘතිය ලොව පුරා මිලියන 16කටත් වඩා අලෙවි වී ඇති අතර විවිධ භාෂාවන්ට පරිවර්තනය වී ඇත. එම කෘතිය හදුන්වන්නේ කටවචනයෙන් ජනප්‍රියවූ කෘතියක් ලෙසයි.

මානව සම්බන්ධතා,සොබාදහම,ජීවිතයේ වැරදීම්,මගහැරීම් ආදී විවිධ මාතෘකා විශ්ලේෂනාත්මක ලෙස සාකච්ඡා කිරීම සුසන්නා තමාරෝගේ කෘතීන් හී විශේෂත්වයයි. විවිධ රටවල  සාහිත්‍ය රස විදගැනීමට රිසි පාඨකයින්ට මෙම කෘතීන් ඉතාමත් වැදගත්ය. 

‘හදවතට ඉඩදෙන්න‘ හා ‘කොටියා සහ පිනුම්ගසන්නා‘ කෘතීන් ද්විත්වය මෙවර කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයේදී පාඨක ජනතාව අතට පත්වෙනු ඇත.