ළමා අපයෝජකයන්ට නීතිය ක්‍රියාත්මක විය යුතුය

නිරන්ත එදිරිසිංහ සහ ජයසිංහලාගේ උපුල් හේවා විසින් සිදු කොට ඇත්තේ කැත ජාවාරමකි. මොවුන් දෙදෙනා කුඩා ළමුන් අපයෝජනය කොට ඒවා වීඩියෝ වලට ගෙන විකෘති ළමා කාමයෙන් පෙලෙන පුද්ගලයන්ට විකුණා ඇත. 

වෛද්‍ය ඩබ්. ඒ විජේසිංහ 

බාල වයස්කාර දරුවන්ව ලිංගික අපයෝජන කොට ඒවා වීඩියෝ වලට පිටපත් කරගෙන විදේශ රටවලට විකිණීමේ ජාවාරමක නිරත වූ නිරන්ත එදිරිසිංහ නමැති රූපවාහිනී රියැලිටි ගුරුවරයා සහ ඕස්ට්‍රේලියාවේ ඇඩිලේඩ් නගරයේ සේවය කරන  XXXXX XXXXXX නම් ශ්‍රී ලාංකික වෛද්‍යවරයා පිලිබඳව බොහෝ මාධ්‍ය විසින් තොරතුරු හෙළි කර තිබුණි. දැනට කෙරී තිබෙන පරීක්‍ෂණ අනුව මෙම ජාවාරමේ මූලිකයා XXXX XXXXX  නම් ශ්‍රී ලාංකික වෛද්‍යවරයාය. ඔහු ඔහු මහනුවර ශික්‍ෂණ රෝහලේ සේවය කල සමයේදී නව හැවිරිදි පිරිමි ළමයෙකු ලිංගික අපයෝජනයට ලක් කොට ඇති අතර එම සිද්ධිය ඔහු එවකට මහනුවර ශික්‍ෂණ රෝහලේ ළමා රෝග විශේසඥ  වෛද්‍යවරිය වූ හේමා වෙල්ගම මහත්මියගේ උපකාරයෙන් යට ගැසූ බව ප්‍රකට රහසකි. මෙම සිද්දියෙන් පසු XXXX XXXXX  විදේශගතවී ඇති අතර ඔහු පසුව ඕස්ට්‍රේලියාවට ගොස්  ඇඩිලේඩ් නගරයේ රෝහලක වෛද්‍යවරයෙකු ලෙස රැකියාවක නිරත විය. මේ වන විට XXXXX xxxx XXX පිලිබඳ තොරතුරු ශ්‍රී ලංකාවේ ඕස්ට්‍රේලියානු මහ කොමසාරිස් කාර්‍යාලයටද දැණුම් දී තිබේ. 



නිරන්ත එදිරිසිංහ සහ XXX විසින් සිදු කොට ඇත්තේ කැත ජාවාරමකි. මොවුන් දෙදෙනා කුඩා ළමුන් අපයෝජනය කොට ඒවා වීඩියෝ වලට ගෙන විකෘති ළමා කාමයෙන් පෙලෙන පුද්ගලයන්ට විකුණා ඇත. වාර්තා වන පරිදි මොවුන් දෙදෙනා ළමා කාම ජාවාරම වසර ගනනාවක් පුරා කර ගෙන ගොස් තිබේ. ළමා කාම විඩියෝ ජාවාරම තහනම් නමුත් බටහිර රට වල දැඩි ඉල්ලුමක් තිබෙන කාම ජාවාරමකි. මේ නිසා මොවුන් දෙදෙනා අහිංසක ළමුන් ගොදුරු කරගෙන මුදල් උපයාගෙන තිබේ. නිරන්ත එදිරිසිංහ ගේ පන්නිපිටියේ නිවසේ අල්මාරියක තිබී  දරුවන් සමඟ ලිංගිකව හැසිරෙන අයුරු දැක්වෙන සීඩී තැටි 135ක් හා ඒ සඳහා යොදාගත් පෙන්ඩ්‍රයිව්, හාඩ්ඩිස්ක්,මෙමරි කාඩ්, කැමරා හා ජංගම දුරකථන ඇතුළු උපාංග රැසක්ද පොලිසිය විසින් අත්ඩංගුවට ගෙන තිබේ. පොලිසිය පවසන පරිදි මෙම සීඩී වල බාලවයස්කාර ළමුන්ව ඉතා අශ්ශීල  දර්ශන සඳහා යොදා ගෙන තිබේ.  මෙම කාම දර්ශන මේ වන විට බටහිර කාමාතුරයන් පිනවන අතර  අපයෝජනයට ලක්වූ ළමුන් මානසිකව දුක් විඳිති. 

නිරන්ත එදිරිසිංහට සහ XXX විරුද්ධව කෙරෙන පරීක්‍ෂණය පිලිබඳව ජනතාවට බොහෝ සැක මතුවී තිබේ. මොවුන් දෙදෙනා ළමා කාම ජාවාරමෙන් විශාල මුදලක් සොයාගෙන ඇති අතර ඒ මුදල් විසි කරමින් මෙම මහා අපයෝජන සිද්දියෙන් ගැලවී යාමට වෙර දරති. මේ වන විට ඔවුන් බලවත් දේශපාලකයන් ගේ උපකාරයෙන් පරීක්‍ෂණ යට ගැසීම සඳහා වෙර දරති. ලංකාවේ නීතිය ක්‍රියාත්මක වන ආකාරය  පිලිබඳ අතීත අත්දැකීම් අනුව මෙම සිද්ධිය යට යාමේ විශාල ප්‍රවණතාවයක් තිබේ. 

නිරන්ත එදිරිසිංහට සහ XXXX ලංකාවේදී බොහෝ දුරට නීතිය ක්‍රියාත්මක නොවීමට ඉඩක් තිබේ. නමුත් වගකියයුතු පුරවැසියන් ලෙස අපට මේ අපයෝජකයන් දෙදෙනාට ගැලවී යාමට ඉඩ නොදිය යුතුය.  ඔවුන් අපයෝජනය කලේ ලංකාවේ අනාගතය වූ අපගේ දූ දරුවන් ය. එම නිසා වගකියයුතු පුරවැසියන් ලෙස මෙම අපයෝජන සිද්ධිය පිලිබඳව  නීතිය ක්‍රියාත්මක වීම පිලිබඳව අවධියෙන් සිටිය යුතුය.