2020 රූපවාහිනී රාජ්‍ය සම්මාන උළෙලට අයදුම්පත් භාරගැනේ


බුද්ධශාසන, සංස්කෘතික සහ ආගමික කටයුතු අමාත්‍යංශය, සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකා කලා මණ්ඩලය හා රාජ්‍ය රූපවාහිනී අනුමණ්ඩලය විසින් සංවිධානය කරන “රූපවාහිනී රාජ්‍ය සම්මාන උළෙල 2020” සදහා නිර්මාණ භාරගැනීම මේ වන විට ආරම්භ කර ඇත.

ශ්‍රී ලාංකේය රූපවාහිනී ක්ෂේත්‍රයේ නියැලි ශිල්පීන්, කලාකරුවන් හා මාධ්‍යවේදීන් හට මේ සදහා නිර්මාණ හා වැඩසටහන් ඉදිරිපත් කළ හැක. නිර්මාණ භාරගැනීම 2020 ජූලි මස 31 වන දින සවස 04.00න් අවසන් වේ. නිර්මාණ ඉදිරිපත් කිරීම සදහා අයදුම්පත්‍ර සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුවෙන් හෝ  මුහුණු පොතේ පිටුවෙන් ලබාගත හැක.
   


නිර්මාණ එවීමේදී වම්පස ඉහල කෙලවරේ “රූපවාහිනී රාජ්‍ය සම්මාන උළෙල -2020” ලෙස සදහන් කර අධ්‍යක්ෂ, සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව, 8 වන මහල, සෙත්සිරිපාය, බත්තරමුල්ල යන ලිපිනයට ලියාපදිංචි තැපෑලෙන් හෝ අතේ ගෙනැවිත් භාරදිය හැක. වැඩි විස්තර 0112872030 / 0112872031 යන දුරකතන අංකයන්ගෙන් ලබාගත හැක.

2019 දෙසැම්බර් මස 31 වන දිනට පෙර පළමු වරට විකාශය වී අවසන් වූ නිර්මාණ මෙම සම්මාන උළෙල සදහා සලකා බැලේ.

රූපවාහිනී නිර්මාණකරණයේ යෙදෙන ටෙලි නිර්මාණකරුවන් උසස් තලයකට ඔසවා තැබීම පෙරදැරි කොටගෙන රූපවාහිනී සම්මාන උළෙලේදී අංකුර හා ප්‍රවීණ කලාකරුවන් සම්මානයට පාත්‍ර කරනු ලබන අතර මීට අමතරව කැපී පෙනෙන දක්ෂතා පිළිබිඹු වන්නේ නම් ළමා නළු/ නිළි භූමිකාව, විශේෂ දෘෂ්‍ය ප්‍රයෝග යනාදී අංග සදහා ද ජූරියේ විශේෂ ඇගයීම් සම්මාන පිරිනැමේ