වත්මන් දේශපාලන අවුල ලිහාගැනීම


ජනපතිවරයා හමුවේ ඇති අභියෝග

වර්ෂ 2015 වසරේ පිහිට වූ යහපාලන ආණ්ඩුව අචසානයේ නූල් බෝලයක අවුල් සහගත තත්වයක් මත නිමාවට පත්විය. පුරා වසර හතරකට වැඩි කාලයක් කිසිදු ප‍්‍රගතිගාමී වෙනසකට භාජනය නොවූ රටක ජනතාව නන්නත්තාර වූ කාල වකවානුවක් ලෙස මෙම යහපාලනය යැයි කියාගත් පාලන කාලය හඳුන්වා දිය හැක.

මෙවන් පසුබිමක ඉච්ඡාභංගත්වයට පත් ජනතාව නවමානයක් සනිටුහන් කරමින් 2019 වසරෙහි ජනාධිපතිවරණයෙන් වත්මන් ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂව විශාල ජනවරමකින් පත්කරන ලදී.

දැනට මාස 8ක පමණ කාලයක් ජනපතිධූරයෙහි රාජකාරි කටයුතු කිරීමේදී අභියෝග රැසකට මුහුණ දීමට ඔහුට සිදුවිය. මූලික වශයෙන්ම දේශපාලන ප‍්‍රභේද දෙකක සිටින ධාරාවන් සමග වැඩකිරීමට සිදුවීම මෙහිදී ඔහු මුහුණදුන් දැවැන්තම අභියෝගයයි. 

දේශපාලනික වශයෙන් මුහුකුරා ගිය චරිතයක් වූ මහින්ද රාජපක්‍ෂගේ ආධාරකරුවන් සහ ගෝඨාභය රාජපක්‍ෂට නව මුහුණුවරක්දී ඔහුව කල එලි බැස්සවීම සඳහා එකතු වූ ආචාර්යවරුන්, වෘත්තීයවේදීන්, උගතුන් පිරිවරා සෑදුණු ”වියත්මග” සාමාජිකයන් අතර වූ බලතුලනය දෝලනය වීමට පටන්ගත් මෙම කාලය තුළ අනපේක්ෂිත ලෙස ලෝක ආර්ථිකයම උඩුයටිකුරු කළ කොරෝනා වසංගතයෙන් හානි වූ ආර්ථිකයක්ද නිවැරදිව පාලන කිරීමට විශාල වෙහෙසක් දැරීමට වත්මන් ජනාධිපතිවරයාට සිදුව තිබේ. පසුගිය මාස 8ක පමණ පාලන සමය විමර්ශනය කිරීමේදී පැහැදිලිව පෙනුණේ ”සෞභාග්‍යයේ දැක්ම” වත්මන් ජනාධිපතිවරයාගේ ප‍්‍රතිපත්ති ප‍්‍රකාශයෙහි සදහන් කරුණු බිම් මට්ටමේ ක‍්‍රියත්මක කිරීමේදී ඇති වූ අවුල් සහගත තත්වයයි.

මෙම ඉච්චාභංගත්ව තත්වය පුපුරා ගියේ පසුගියදා මහ බැංකු නිලධාරීන් සමඟ වූ සාකච්ඡාවේදීය. බොහෝ යල්පැන ගිය ආයතනික සංග‍්‍රහ ක‍්‍රමවේද / රාජ්‍ය නිලධාරින්ගේ ඇති ආකල්පවිය. දැනට පසුගාමි චින්තනයන් / දේශපාලනික වශයෙන් පිල්බෙදීම් මෙම අවුල් සහගත තත්වයට දායක වී  ඇති බව පෙනී යයි.


2020 මහමැතිවරණයෙන් පසු

දැනට තිබෙන දේශපාලනික පසුබිම පොදුජන එක්සත් පෙරමුණට පාර්ලිමේන්තුවේ 2/3 ක බලය ලබාගැනීමට මන්ත‍්‍රිධූර ලබා ගත හැකි වීම ප‍්‍රශ්ණාර්ථකාරි, මෙවන් පසුබිමකදී නැවතත් එල්ලෙන පාර්ලිමේන්තුවක් බිහි වීම නොවැලැක්විය හැකි තත්වයකි. මෙවැනි පසුබිමක නියමිත මැතිවරණ ක‍්‍රමය වෙනස් කිරීම, හා ව්‍යවස්ථාවන් විධිමත් කරගැනීම වැනි රටට අවශ්‍යකරන වෙනස්වීම් ඉටුකරවා ගැනීම සිහිනයක් විය හැක. නැවතත් පාර්ලිමේන්තුවේ අවශ්‍ය වැඩි බලය ලබා ගැනීම සඳහා විරුද්ධ පක්‍ෂ මන්ත‍්‍රිවරුන් නොයෙකුත් වරදාන මත බිලිබා ගැනීම තුලින් ඉදිරියේදී ද අවිනිශ්චිත රාජ්‍යයක් බිහිවීම නොවැලැක්විය හැකිය.




 - අග්බෝ අමරසේකර -