මේ දුෂ්කර අවස්ථාවේ දී රට ගොඩගැනීම සඳහා විදෙස්ගතව සිටින ශ්‍රී ලාංකිකයන්ට සහ අනෙකුත් විදෙස්වල සිටින ද්‍රවශීල අතිරික්ත විදෙස් මුදල් තිබෙන සියලු පාර්ශ්වයන්ට බදු සහන ලබාදෙන,පොලී අනුග්‍රහනයක් යටතේ විශේෂ ගිණුමක් ආරම්භ කර තිබෙන බව සම කැබිනට් මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන අද (9) අමාත්‍ය මණ්ඩල තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් පැවසීය.
මෙම ගැසට් නිවේදනය අද නිකුත් කිරීමට නියමිත බව ද කී අමාත්‍යවරයා, මෙම ගිණුමට අවම මාස හයක් රඳවා තබා ගත හැකි ලෙස සහතික කළ තැන්පතුවක් ලෙස වඩා ඵලදායී ආයෝජනයක් ලෙස සළකා තැම්පත් කිරීමට හැකි බවත් ඒ සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබී ඇති බවත් පැවසීය.
රටෙන් පිටවන විදේශ විනිමය ආරක්ෂා කිරීමට රටින් පිටවීම පාලනය කළ යුතු බව පෙන්නවා දුන් අමාත්‍යවරයා, මෙහි වගකීම මහ බැංකුව සතු බවත් රුපියල කඩා නොවැටී තබා ගැනීමට මැදිහත්ව කටයුතු කරන බවත් පැවසීය.
Post a Comment