නිරෝගී ජීවිතයක් ළඟාකරගැනීම අප සැමදෙනාගේම සිහිනයයි. ජීවත් වන ටික කාලයේදී අපි හැමෝම වගේ අසීමිත මට්ටමින් මිල මුදල් වියදම් කරමින් නිරෝගී ජීවිතයක් පතන්නේ ඒ නිසාමයි.
අපේ ශරීරය මෙන්ම ශරීරයේ හටගන්නා ලෙඩ රෝග, ඒ ගැන සොයාබලන්න සිදුකරන විවිධ පර්යේෂණ, ලබාගත යුතු ඖෂධ ගැන මූලික දැනුම එළඹෙන මාර්තු 06, 07 හා 08 වැනිදා බණ්ඩාරනායක සම්මන්ත්රණ ශාලාවේ දිනපතා උදෑසන 10 සිට රාත්‍රී 7 වන තෙක් පැවැත්වෙන Medicare 2020 - ජාතික සුවසේවා ප්‍රදර්ශනයේ දී දැනගන්නට හැකියි.
වෛද්‍ය පර්යේෂණ ආයතනයේ අධ්යක්ෂ වෛද්‍ය ජයරුවන් බණ්ඩාර මහතා මෙවර Medicare ප්‍රදර්ශනය ගැන අදහස් ප්‍රකාශ කරමින් අවධාරණය කර සිටින්නේ වෛද්‍ය පර්යේෂණ වලට කැමති දුවා දරුවන් ද මෙවර ප්‍රදර්ශනයේදී ලියාපදිංචි කිරීමට නියමිත බවයි.
ඉතිං මේ ගැන ඔහුගෙන්ම අහලා දැනගනිමු.
Post a Comment