‘ඇවිලෙනසුලුයි 13‘ වෙනිදා සිට රිදී තිරයේ


මේ දවස්වල හැමතැනම ඇහෙන මැනිකෙ මං ආයෙ ගෙදර එනවා සිංදුව අනිවාර්යෙන්ම ඇහිලා හරි තියෙන්න  ඕන. 1971 නීල් රූපසිංහ අධ්‍යක්‍ෂණය කරපු දැන් මතකද චිත‍්‍රපටියෙ එම්. එස් ප‍්‍රනාන්දු තමයි මේක මුල්වරට ගායනා කරන්නෙ. ඒත් මේ ඇහෙන්නෙ ඒකෙ කවර් වර්ෂන් එකක්. ඒක ඇහෙන්නෙ ගෑනු කටහඩකින්. මැනිකෙ මම ආයෙ ගෙදර එනවා.. මට හරි කේන්ති යනවා.. කියල කාන්තාවක් කෑ ගහලා කියද්දි දැනෙන හැඟීම වෙනස්.



මේ සිංදුව එන්නෙ 13 වෙනිදා ඉඳන් තිරගත වීමට නියමිත ‘ඇවිලෙනසුලූයි‘ චිත‍්‍රපටියෙ.

‘ඇවිලෙනසුලූයි‘ කියන්නෙ ලංකාවෙ පලවෙනි රෝඞ් ත‍්‍රිලර් වර්ගයේ චිත‍්‍රපටිය. කවුරු හරි ටැරන්ටිනෝගෙ චිත‍්‍රපටි බලලා තියෙනවා නම් මේක කොයි වගේ එකක්ද කියල හිතාගන්න අමාරු වෙන එකක් නෑ. ශ්‍යාම් ෆර්නැන්ඩු සහ සමනලී ෆොන්සේකා තමයි මේ චිත‍්‍රපටියෙ ඇවිලෙනසුලූ චරිත දෙක කරන්නෙ.



‘ඇවිලෙනසුලූයි‘ කියන්නෙ චින්තන ධර්මදාසගෙ පලවෙනි චිත‍්‍රපටිය. පවුලේ සිනමාවට ඇබ්බැහි වුණු ලංකාවෙ පේ‍්‍රක්ෂකයාට ත‍්‍රාසය භීතිය කුතුහලය පිරුනු ඇවිලෙනසුලූ චිත‍්‍රපටියක් කියන්නෙ වෙනස් අත්දැකීමක් වෙයි.