උපාධිධාරීන් 45,585 දෙනෙකුට මාර්තු පළමුවැනිදා වනවිට අභ්‍යාසලාභී රජයේ රැකියා ලබාදීමට ජනාධිපති ලේකම් කාර්යාලය ගත් තීරණය මාස දෙකකට අත්හිටුවීමට මැතිවරණ කොමිසම ගත් තීරණය සම්බන්ධයෙන් අද දිනයේදී එම කොමිසමේ ප්‍රධානීන්ගේ සහභාගීත්වයෙන් විශේෂ සාකච්ඡාවක් පැවැත්වෙන බව තොරතුරු සහ ජනමාධ්‍ය අමාත්‍ය බන්දුල ගුණවර්ධන රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තු ශ්‍රවණාගාරයේදී පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව අමතමින් පැවසුවේය.
අදාළ උපාධිධාරීන්ට පුහුණුවීම් කාලය තුළ ලබාදෙන රු. 20,000 වැටුප මාර්තු මස පළමුවැනිදා සිට ගෙවීමට සැලසුම් කර ඇති නමුත්, මැතිවරණ කොමිසමේ තීරණයත් සමග පුහුණුවකින් තොරව ඔවුන්ට වැටුප් ලබාදීමට සිදුවීම ගැන මැතිවරණ කොමිසම යහපත් තීරණයක් ගනු ඇතැයි තමන් විශ්වාස කරන බව අමාත්‍යවරයා වැඩිදුරටත් පෙන්වාදුන්නේය.
උපාධිධාරී රැකියා සඳහා ඉල්ලුම් කොට ඊට අදාළ ලිපි නොලැබුණු පිරිස අදාළ පළාතේ ප්‍රාදේශීය ලේකම්වරයා වෙත අභියාචනයක් බාරදිය යුතු බවත් මෙය කිසිසේත්ම දේශපාලන ව්‍යාපෘතියක් නොවන බව ද අමාත්‍යවරයා පැවසුවේය.
Post a Comment