ශ්‍රී ලංකා - ඉන්දියා සමාජය ඉන්දියාවේ 71 වන ජනරජ දිනය සහ ශ්‍රී ලංකාවේ 72 වන නිදහස් දිනය පසුගියදා (පෙබරවාරි 28) කොළඹ ටාජ් සමුද්‍රා හෝටලයේ පැවති උත්සවයකදී සමරනු ලැබීය. ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ශ්‍රී ලංකාවේ ජාත්‍යන්තර සහයෝගීතා රාජ්‍ය අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත සහභාගී වූ අතර ගෞරවනීය අමුත්තා ලෙස ශ්‍රී ලංකාවේ වැඩබලන ඉන්දියානු මහ කොමසාරිස් විනෝද් කේ. ජේකබ් සහභාගී විය. SLIS හි සභාපති රොහාන් තුඩාවේ, රාජ්‍ය තාන්ත්‍රික ප්‍රජාවේ සාමාජිකයින්, කේෂ්ත්‍රයේ නායකයින් සහ අනෙකුත් සම්භාවනීය අමුත්තන්ද මේ සඳහා සහභාගී වූහ.
මෙම අවස්ථාවේදී සුසිල් ප්‍රේමජයන්ත 19 වන සියවසේ සිට ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ විකාශනය පිළිබඳව විස්තර කළේය. මෑතකදී ශ්‍රී ලංකා නායකයන් විසින් සිදු කළ සාර්ථක ඉන්දීය සංචාරයන් පිළිබඳව අමාත්‍යවරයා අදහස් දැක්වූ අතර ඉන්දීය ව්‍යවසායකයින්ගේ වැඩි ආයෝජනයන් සහ දෙරට අතර ගැඹුරු ආර්ථික සම්බන්ධතාවයක් ඇති කිරීමට ශ්‍රී ලංකාව අපේක්ෂා කරන බව සඳහන් කළේය.
මෙම අවස්ථාවේ අදහස් දැක්වූ වැඩබලන මහ කොමසාරිස් ජේකබ් 2020 වර්ෂය ඉන්දීය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ පියා වන ආචාර්ය භීම්රාඕ අම්බෙඩ්කර්ගේ 129 වන ජන්ම දිනය සනිටුහන් කරන බව පැවසීය. අගයන්, ප්රතිපත්තීන් ඉන්දීය ව්‍යවස්ථාවේ ගෞරවනීය ස්ථානයක් කර ගත් බව ඔහු පෙන්වා දුන්නේය. තවද ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරණයෙන් පසුව මෑතකදී ශ්‍රී ලංකා නායකයින් විසින් ඉන්දියාවේ සිදු කළ ඉහළ පෙළේ සංචාරයන් පිළිබඳව විශේෂයෙන් සඳහනක් කළ එතුමා, දෙරට තුළම ශක්තිමත් නායකත්වයක් ඇති බවද එහි ප්‍රතිපලයක් ලෙස ද්විපාර්ශ්වික සබදතා සඳහා නැවුම් ප්‍රවණතාවයක් ඇති බවද ප්‍රකාශ කළේය.
2019 පාස්කු ත්‍රස්ත ප්‍රහාරයෙන් පසුව අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ සුහද ශ්‍රී ලංකා සංචාරය දෙරට අතර මිත්‍ර සබඳතා කෙරෙහි ධනාත්මක බලපෑමක් ඇති කළේය. ශ්‍රී ලංකාවට වැඩිම සංචාරකයින් පිරිසක් පැමිණෙන්නේ ඉන්දියාවෙන් වන අතර 2019 දී ඉන්දීය සංචාරකයන් ලක්ෂ 4.6 ක් ශ්‍රී ලංකාවට පැමිණ තිබේ. වැඩබලන මහ කොමසාරිස් ජේකබ් ආසියාවේ ව්යාපාරයකයින්ට සහ ව්‍යවසායකයින්ට වැදගත් වී ඇති ඉන්දීය අයවැයේ ප්‍රමුඛතම අංගයන්ද අවධාරණය කළේය. ලෝකයේ පස්වන විශාලතම ආර්ථිකය වන ඉන්දියාව 2024 වන විට ඇමරිකානු ඩොලර් ට්‍රිලියන 5 ක ආර්ථිකයක් කරා ගමන් කරමින් සිටින අතර දළ දේශීය නිෂ්පාදිතයේ වර්ධනය 6-6.5% දක්වා ඉහළ යනු ඇතැයි අපේක්ෂා කෙරේ. 2006 සිට 2016 දක්වා වූ දශකය තුළ වාර්තාගත මිලියන 271 ක ජනතාවක් දරිද්‍රතාවයෙන් මිදී ඇත. ලෝක බැංකුවේ පහසුවෙන් කළ හැකි ව්‍යාපාර ශ්‍රේණිගත කිරීම්වල ඉන්දියාව 2014 දී 142 සිට 2019 දී 63 දක්වා ස්ථාන 79 කින් ඉහළ ගොස් තිබෙන බවද පැවසීය.
තවද මෙම අවස්ථාවේදී සික් දහමේ නිර්මාතෘ ගුරු නානක් දේව්ජිගේ 550 වන ජන්ම දිනය නිමිත්තෙන් කොළඹ ශ්‍රී ගුරු නානක් දර්බාර් හි මන්වින්දර් සිං ගුරු නනාක් දේව්ජිගේ ජීවිතය හා ඉගැන්වීම් පිළිබඳ ඉදිරිපත් කිරීමක් කළේය.
මෙම අවස්ථාවේදී SLIS හි සඟරාව වන මෛත්‍රී සඟරාවද නිකුත් කරන ලදී.
ඉන්දියාවේ හා ශ්‍රී ලංකාවේ නිදහසින් කෙටි කලකට පසු 1994 දී ආරම්භ කරන ලද ශ්‍රී ලංකා - ඉන්දියා සමාජය ශ්‍රී ලංකාවේ පැරණිතම හා විශාලතම මිත්‍රත්ව සමාජය වේ.
Post a Comment