පොදුජන පෙරමුණේ කළුතර නාමයෝජනා පත්‍රය නූලෙන් බේරෙයි


අද (19) දින දිවයින පුරා මහ මැතිවරණය වෙනුවෙන් වන නාමයෝජනා පත් බාරගන්නා අවසාන දිනය වන බව මැතිවරණ කොමිසම මීට දින කිහිපයකට පෙර සඳහන් කළා. 

ඒ අනුව ප්‍රධාන දේශපාලන පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම් විශාල සංඛ්‍යාවක් සිය නාමයෝජනා බාරදෙනු ලැබුවා.

නාමයෝජනා බාරදීමෙන් පසු එහි සැලකිය හැකි අඩුපාඩු සෙවීම සඳහා සියලු පක්ෂ සාමාජිකයන්ට විරෝධතා කාලයක් ලබාදෙන අතර, ඒ අනුව ස්වාධීන කන්ඩායම් පිහිපයක් ප්‍රතික්ෂේප වීම් අතරින්, පූජ්‍ය අතුරළියේ රතන හිමියන් සහ පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් නියෝජනය කල නාමයෝජනාව ප්‍රතික්ෂේප වීම පිළිබඳ සමාජයේ දැඩි කතාබහක් ඇතිවුණා.

මේ අතර ආණ්ඩුව නියෝජනය කරන පක්ෂය වන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කළුතර දිස්ත්‍රික් නාමයෝජනා පත්‍රය දිස්ත්‍රික් නායකය රෝහිත අබේගුණවර්ධන ඇතුළු එම පක්ශයේ සාමාජිකයන්ගෙන් සමන්විතවූ අතර,මෙහිදී තමාට හිමි ඡන්ද අංකය ඉතා ආසන්න අංකයක් ලෙස  ලබා ගැනීමට ඇති තරගය ලාංකීය දේශපාලන ක්‍රමයේ සුපුරුදු ක්‍රියාවක්.

මෙහිදී එම දිස්ත්‍රික්කයේ තරග කරන පියල් නිශාන්ත සහ ජයන්ත සමරවීර සිය ඡන්ද අංකය ඉදිරියට ගැනීම සඳහා මෑත කාලයේදී නම් සහ වාසගම් වෙනස් වෙනස්කර නාමයෝජනා පත්‍රයට ඇතුල් කිරීමට එරෙහිව අන් සියලු පක්ෂ වලින් නැගුනේ දැඩි විරෝධයක්. කෙසේවෙතත් දිස්ත්‍රික් නායකවරයා ලෙස රෝහිත අබේගුණවර්දන මහතා දැඩි පරිශ්‍රමයක් යොදා නාමයෝජනා ලැයිස්තුව ලබාගෙන තිබුණි. දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරන්නේ මෙය 99.9 බේරුනු පොදුජන පෙරමුණේ නාමයෝජනා පත්‍රය ලෙසයි.