ප්‍රංශයේ ජීවත්වන නවක සිනමා ශිල්පියෙකු වන රෙෂාන් ප්‍රනාන්දු ගේ නවතම කෙටි චිත්‍රපටය වන ‘සෙලා‘ නිර්මාණය වී ඇත්තේ කාලානුරූපී මාතෘකාවක් වන මිනිසා හා පරිසරය පදනම් කරගෙනයි.
අනාගත ලොව දකින පුංචි දැරියක් වටා දිවයන කතාවක් වන ‘සෙලා‘ අප සැමට ඉතා සමීප වන්නේ සාෙබාදම් මාතාව ඇගේ සුරදූතයන් එවා මේ මනුස්ස දුව හමුවී මිනිසුන් විසින් සිදුකරමින් යන පරිසර දූෂණයෙන් ලොව බේරා ගැනීමට නම් කුමක් කළයුතුද යන්න වටහාදීමට දරන උත්සාහය හරහා ප්‍රේක්ෂකයින්ට අපූරු පණිවිඩයක් ඉදිරිපත් කරන බැවිනි.
ලොවම මේ වනවිට මුහුණපා ඇති වසංගත තත්ත්වය හමුවේ පරිසරය රැකගැනීම වඩාත් අවධානයට යොමුවිය යුතු කරුණක් බව විනාඩි කීපයක් තුළ ‘සෙලා‘ මගින් අවධාරණය කර තිබේ. සොබාදහම හා මිනිසා අතර ඇතිවිය යුතු ඒ අනාගත සංවාදය හමුවේ හෙට දින ලොව බාරගැනීමට සිටින දරුවන්ට මෙමගින් ලබාදෙන පණිවිඩය අනගිය.
නිකොන් සමාගම 10 වන වරටත් සංවිධානය කළ නිකොන් ෆිල්ම් ෆෙස්ටිවල් 2020 තරඟාවලියට තේරී පත්වීමට භාග්‍යය ලැබීමත් එම ජයග්‍රහණය ලැබූ පළමු ලාංකිකයා ලෙස රෙෂාන් ප්‍රනාන්දු තේරීපත්වීමත් සුවිශේෂීය.
ප්‍රංශයේ සම්මානනීය ළමා රංගන ශිල්පිනියක් වන මාර්ලෝ ත්‍රොපේ මෙහි එන සෙලා නම් ප්‍රධාන චරිතයට පණපොවන අතර ප්‍රංශ හා බ්‍රිතාන්‍ය ජාතික ලුවිස් කුවින් ළමා සුරධූතයාගේ චරිතයට පණපොවයි.
‘සෙලා‘ සිනමාපටයේ ද්‍රෘෂ්‍ය ප්‍රයෝග සියල්ල මෙරට ප්රමුඛ පෙළේ ද්‍රෘෂ්‍ය ප්‍රයෝග ශිල්පියෙකු හා ත්‍රිමාණ සජීවිකරණ ශිල්පියකු වන ග්‍රේෂන් කුලරත්න විසින් නිර්මාණය වී තිබේ.
සමස්ත සිනමාපටයම පටිගත කර තිබෙන්නේ ඇපල් ජංගම දුරකථනයෙන් වීමද විශේෂත්වයකි. ලොවවටා සම්මාන උළෙලවල් කීපයකටම තරඟ වැදීමට බලාපොරොත්තුවෙන් සිටින ‘සෙලා‘ හි පූර්ව ප්‍රචාරකපටය නැරඹීට පිවිසෙන්න.
Post a Comment