කොරෝනා ආසාදිතයින් 10 දෙනෙක්


අද (14) දින වනවිට කොරෝනා වෛරසය ආසාදිතවූවන් 10 දෙනෙකු මෙරටින් වාර්තා වන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් අනිල් ජාසිංහ පවසයි. 


ඉතාලියේ සිට පැමිණි  අවුරුදු 56 ක කාන්තාවක් හා අවුරුදු 17ක ගැහැණු ළමයෙකු නමවන හා දහවන ආසාදිතයින් ලෙස හඳුනාගෙන තිබේ.

කොරෝනා රෝගය මර්ධනය කිරීම සඳහා වන කාර්යය සාධක බලකායේ කටයුතු සම්බන්ධීකරණයට විශේෂ රාජගිරියේදී විශේෂ කාර්යාලයක් ආරම්භ කෙරෙන බව සෞඛ්‍ය ඇමතිනි පවිත්‍රා වන්නිආරච්චි ෙ අද (14) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමෙන්තුවේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවේ දී කියා සිටියාය.

එළඹෙන සදුදා සිට (16) සිට එම කාර්යාලය ආරම්භ වන බවත් එමඟින් රජයේ ආයතන සියල්ල සම්බන්ධීකරණය කිරීමත් මෙම කාර්යාලය මඟින් සිදු කෙරෙන බවත් අමාත්‍යවරිය සඳහන් කළාය.