මෙරට ආරක්ෂාව තහවුරු කරන්න ඉන්දියාවෙන් අඛණ්ඩ සහය


ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි හා අගමැති මහින්ද රාජපක්ෂ අතර ද්විපාර්ශ්වීය සාකච්ඡා අද (8) නවදිල්ලි නුවර දී (Hyderabad house) පැවැත්විණි.

දෙරටේ රාජ්‍ය ආරක්ෂාවට අදාළව පවත්නා සහයෝගීතාවය, බුද්ධි අංශවල හැකියාවන් වැඩිදියුණු කිරීම, ත්‍රස්තවාදය පිටු දැකීමටත් ඉන්දියාවෙන් ලැබෙන අඛණ්ඩ සහයෝගය මේ සාකච්ඡාවලදී මූලික අවධානයට ලක්වූ කරුණු විය. 

නිවාස ඉදිකිරීම් සහ ප්‍රජා පහසුකම් සැපයීමට අදාළව ක්‍රියාත්මක කෙරෙන ව්‍යාපෘති ඇතුළුව ඉන්දියානු අනුග්‍රහය යටතේ ශ්‍රී ලංකාව තුළ සිදුකෙරෙමින් පවතින ව්‍යාපෘතිවල ප්‍රගතිය සම්බන්ධයෙන් ද මෙහිදී සාකච්ඡා සිදුවී තිබේ.