2015 දී වසරේදී ශ්‍රී ලංකාව විසින් ජිනීවා මානව හිමිකම් කවුන්සිලයේදී එකඟ වූ 30/1 සහ 40/1 යෝජනාවල, සම අනුග්‍රාහකත්වයෙන් ඉවත් වන බව අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන ජිනීවා මානව හිමිකම් කවුන්සිලයේ 43 වැනි සැසිවාරය අමතමින් (26) අද නිල වශයෙන් දැනුම් දුන්නේය.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා පැවසුවේ, බහුජන සමාජයක් ලෙස සංහිඳියාව වෙනුවෙන් මෙරට ඇප කැපවන බවයි. අවසන් වශයෙන් බුදුරජාණන් වහන්සේගේ දේශනයක් උපුටා දක්වමින් ඔහු පැවසුවේ,
‘සියලු සත්වයෝ නිදුක් වෙත්වා, නිරෝගී වේවා, සුවපත් වේවා‘ යන්නයි.
Post a Comment