‘මට අත්අඩංගුවට පත්වෙන්නමයි ඕන‘ - රන්ජන්


මාදිවෙල මන්ත්‍රී නිවාස සංකීර්ණයේ පිහිටි එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායකගේ නිවස පොලීසියේ පිරිසක් විසින් හදිසි පරීක්ෂාවකට ලක්කරමින් සිටියි.

නුගේගොඩ මහේස්ත්‍රාත්වරයාගෙන් ලද සෝදිසි වරෙන්තුවක් මත මෙම පොලිස් පරීක්ෂාව සිදුවන බව එම සිද්ධිය සජීවීව සිය ෆේස්බුක් ගිණුමේ පළකර තිබෙන රන්ජන් රාමනායක පවසයි.  සිද්ධිය පිළිබඳ සිය මුහුණු පොතේ අදහස් දක්වන රන්ජන් රාමනායක පවසන්නේ මෙය රාජපක්ෂ පාලනය විසින් තමන් ඇතුළු එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරුන්ට එරෙහිව දියත් කරන සැලසුම් සහගත වැඩපිළිවෙලක කොටසක් බවයි.

‘මට අත්අඩංගුවට පත්වෙන්නමයි ඕන‘ වැනි අදහස් දක්වමින් රන්ජන් රාමනායක මේ සිද්ධිය හාස්‍යයට ලක්කරන අන්දම ඔහුගේ ඔහු සිය ෆේස්බුක් ගිණූමේ පළකර තිබෙන වීඩියෝ වලින් දැකගත හැකිය.