ශානි අබේසේකරගේ සේවය අත්හිටුවයි


අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ලෙස කටයුතු කළ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ශානි අබේසේකරගේ සේවය අත්හිටුවා ඇති බව පොලිස් කොමිෂන් සභාව කියයි.

පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායක සමඟ පැවැත්වූ දුරකතන සංවාදයට අදාළ හඬපටයේ සත්‍ය අසත්‍යතාවය තහවුරු වන තෙක් මෙම වැඩ තහනම් කිරීම සිදු කර ඇතැයිද එම කොමිසම කියයි.

ශානි අබේසේකර මෙරට සිදුවූ ප්‍රධාන යැයි සැලකෙන මෙන්ම ආන්දෝලනාත්මක අපරාධ රැසක් හෙළිදරව් කරගැනීමට සමත් වූ නිළධාරියෙකු වන අතර වත්මන් රාජපක්ෂ ආණ්ඩුව බලයට පැමිණීමෙන් පසු ඔහු ගාල්ල නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ පෞද්ගලික සහකාරවරයා බවට පත් කරන ලදී.

ඊට එරෙහිව ශානි අබේසේකර විසින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ඉදිරිපත්කර තිබේ.