රුසියානු විදේශ ඇමති හෙට දිවයිනට



රුසියානු විදේශ කටයුතු ඇමති සර්ජි ලැව්රොව් හෙට (13) දිනයේදී මෙරටට පැමිණීමට නියමිතය. 2009 වසරෙන් පසුව රුසියානු විදේශ කටයුතු ඇමතිවරයෙකු මෙරටට පැමිණෙන අවස්ථාව මෙය වනු ඇත. 

සර්ජි ලැව්රොව් ගේ සංචාරය අතරතුරදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ, අගමැති මහින්ද රාජපක්ෂ මෙන්ම විදේශ කටයුතු ඇමති දිනේෂ් ගුණවර්ධන හමුවී සාකච්ඡා කිරීමට නියමිතය.

දෙරට අතර ආර්ථික, ආරක්ෂාව, අධ්‍යාපන, සංචාරක හා තාක්ෂණික ක්ෂේත්‍ර සම්බන්ධයෙන් මෙහිදී අවධානය යොමුකිරීමට අපේක්ෂා කරන බව විදේශ කටයුතු අමාත්‍යංශය පවසයි.