''තනතුරු වෙනුවෙන් අපි බෙදෙන්නේ නැහැ'' - සජිත්


තමන් කිසිදා තනතුරු මත පදනම් වූ දේශපාලනයක නියැලෙන්නේ නැති බවත් තනතුරු වෙනුවෙන් පක්ෂය දෙකඩ නොකරන බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී සජිත් ප්‍රේමදාස අද (17) කොළොන්නාවේදී පැවති ජන හමුවක් අමතමින් අවධාරණය කළේය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඔහු පෙන්වා දුන්නේ, 

‘‘තනතුරු කියන දේවල් තාවකාලික දේවල්. තනතුරු මත පදනම් වුණු දේශපාලනයකට කිසිම පැවැත්මක් නැහැ. අපිට තිබිය යුතු උසස්ම තනතුර තමයි ජනතා ප්‍රසාදය. ජනතාවගේ ඉල්ලුම ජනතා ආශිර්වාදය. 

අපි පැහැදිලි ප්‍රකාශයක් මේ අවස්ථාවේ කරනවා, මොනම අවස්ථාවකදීවත් තනතුරු උදෙසා අපි බෙදෙන්න යන්නේ නැහැ. අපි අපේ පක්ෂය තනතුරු උදෙසා දෙකඩ කරන්නේ නැහැ. හැමදෙනාම එකතුකරගෙන ඒ තිබෙන්නාවූ හැම පීඩනයක්ම, හැම බරක්ම දරාගෙන, විඳගෙන ඒ බර ඔසවාගෙන අනාගත ජයග්‍රහණයට අපි ජනතාව ශක්තියක් කරගෙන නායකත්වය ලබාදෙනවා‘‘