‘ඩයලොග් රිදී රැයක් 2019’ - දෙසැම්බර් 21


රිදී තිරය බබලන තරු  සජීවිව රංගනයෙන් එක්වන මෙරට විනෝදාස්වාද දර්ශන තලයේ විශිෂ්ටතම රැඟුම් ගැයුම් මුසු වූ කීර්තිමත් ප්‍රාසාංගික වැඩසටහනක්  වන ‘ඩයලොග් රිදී රැයක් 2019’, දෙසැම්බර් 21 වෙනිදා සවස  6.30 සිට සජීවිව නෙළුම් පොකුණ මහින්ද රාජපක්ෂ රඟහලේදී පැවැත්වීමට නියමිතයි.

Dialog රිදී රැයක් 2019 ප්‍රසංගය නැරඹීම සඳහා ප්‍රවේශපත්‍ර මිල රු. 1,000, රු. 2,000, රු. 3,000, රු. 5,000, රු. 6,000, සහ රු. 7,500 වන අතර, බොරැල්ලේ සදීපා, නුගේගොඩ, මහරගම හා කිරිබත්ගොඩ සරසවි පොත්හල් වෙතින් සහ නවලෝක රෝහලේ පිහිටි සිනෙස්ටාර් ප්‍රධාන කාර්යාලයෙන්ද ලබාගත හැක. තවද ඕනෑම Dialog ජංගම දුරකථනයකින් 444 අමතා හෝ ඩයලොග් නොවන වෙනත් ජාල සඳහා 444 වෙබ් අඩවිය හෝ App එක ඔස්සේ ප්‍රවේශපත් ලබාගැනීමේ හැකියාවද ඇත. ප්‍රවේශපත්‍ර පිළිබඳ විමසීම් 0777 372 700 ඇමතීමෙන් ලබාගත හැකිය.