‘‘රට බෙදපු අය ඉන්නේ ගෝඨාභය සමගයි‘‘ - මංගල




අද වනවිට ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ සමග සිටින්නේ 1990 දී ත්‍රිකුණාමලය නගරයේ වෙනම ඊලම් රාජ්‍යක් ප්‍රකාශයට පත්කර ලංකා ඉතිහාසයේ ප්‍රථම සහ එකම වතාවට ඊලම් කොඩිය ප්‍රසිද්ධියේම ඔසවපු වර්ධරාජා පෙරුමාල් වැනි පිරිස බව ඊයේ (4) මාතර දී පැවති තරුණ සමුළුව අමතමින් අමාත්‍ය මංගල සමරවීර අවධාරණය කළේය. 


මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඔහු පෙන්වා දුන්නේ,

ටීඑන්ඒ සහය සජිත්ට ලැබීම අලුත් දෙයක් නෙවෙයි 

''අපිත් එක්ක විශාල පිරිසක් දැන් මේ වෙනකොටත් එකතුවෙලා ඉන්නවා.  මම දැක්කා දැන් දෙරණෙන්ම ඇලට් එකක් එවලා. ඒවා අපි දැනන් හිටපු දේවල්. නමුත් ඒ අය දැන් කියනවා ටීඑන්ඒ පක්ෂයත් සජිත් ප්‍රේමදාසට නිල වශයෙන්ම සහයෝගය දෙනවා කිව්වායි කියලා.

මේක අලුත් දෙයක් නෙවෙයි කොහොමත් ටීඑන්ඒ පක්ෂය අපිත් එක්ක එක දිගට වැඩ කරා, හැබැයි දැන් මුන් කියයි අන්න අන්න කොටිත් ඇවිල්ලයි කියලා.

රට බෙදන අය අද ඉන්නේ කොහේද ?

මෙතනදී අපි මතක් කරන්න ඕනේ ගරු ස්වාමින් වහන්ස රට බෙදන අය කොහෙද ඉන්නේ රට එකතුකරන අය කොහෙද ඉන්නේ කියලා.

මොකද සම්බන්ධන් මැතිතුමා කියන්නේ, මට මතකයි 2013 අපි යාපනයට මැයි දිනය තියන්න එක්සත් ජාතික පක්ෂයෙන් ගිය වෙලාවේ අපේ වේදිකාවට නැගලා ශ්‍රී ලංකාවේ ධජය ඔසවපු, ශ්‍රී ලංකාවේ ධජය ජනතාවට වනපු සම්බන්ධන් තමයි ටීඑන්ඒ නායකයා අපිත් එක්ක එතුවෙලා ඉන්නේ.

අනිත් කදවුරේ කවුද ඉන්නෙ? ගෝඨාභය රාජපක්ෂ එක්ක එකතු වෙලා ඉන්නෙ වෙන කවුරුවත් නෙමෙයි 1990 ත්‍රිකුණාමල නගරයේ වෙනම ඊලම් රාජ්‍යක් ප්‍රකාශ කරලා ලංකා ඉතිහාසයේ ප්‍රථම සහ එකම වතාවට ඊලම් කොඩිය ප්‍රසිද්ධියේම ඔසවපු වර්ධරාජා පෙරුමාල්ල.

අද කරුණා ඉන්නේ කා එක්කද ? 

ඒ විතරක් නෙමෙයි පොලිස් නිලධාරීන් 600ක් මරන්න නියෝග දුන්න, අරන්තලාවේ භික්ෂුන් වහන්සේලා ඝාතනය කරන්න නායකත්වය දුන්න කරුණා අම්මාන් ඉන්නෙ කොහෙද? කරුණත් ගෝඨාභය රාජපක්ෂ එක්ක.

ඒ වගේම නැගෙනහිර පළාතේ අහිංසක දෙමල දරුවන් බලහත්කාරයෙන් පැහැරගෙන ගිහිල්ල එල්ටිටිඊ සංවිධනයට එකතු කරපු පිල්ලයාන් ඉන්නෙ කොහෙද? ඊයේ පෙරේද අර මහා දේශප්‍රේමිය මහින්ද රාජපක්ෂ හිරගෙදරත් යනව පිල්ලයාන් බලන්න.

පසුගිය අප්‍රේල් වලින් පස්සේ යුඑන්පි අපට බැන්නා හිස්බුල්ලාගේ විශ්ව විද්‍යාලය වැහුවේ නෑ කියල. හිස්බුල්ල ත්‍රස්තවාදීන්ට උදව් කරනව කිව්වේ ඒ අයමයි. අද බලන්න හිස්බුල්ල කියනව මම දැක්ක ඒ අයගෙ දෙවන මනාපයත් ගෝඨාභයට දෙන්න කියල.‘‘ යන්නයි.