‘‘රෙනෝ කෙටිකලකින් කෝටිපතියෙක් වුණු හැටි හොයන්න පරීක්ෂණයක් ඕන‘‘ - මංගල


ගෝඨාභය රාජපක්ෂගේ හොරකම්, මැරකම්, දුෂණ හෙලිකරනා දේශපාලඥයන්ට මඩ ගැසීමේ කොන්ත්‍රාත්තුව හිරු ආයතනයේ අධිපති රෙනෝ ද සිල්වා විසින් භාරගෙන ඇති බව මුදල් අමාත්‍ය මංගල සමරවීර ඊයේ (12) දින මාතර ප්‍රදේශයේදී පැවති තිබු මාධ්‍ය හමුවකට සහභාගී වෙමින් පැවසුවේය. 


එහිදී වැඩිදුරටත් අදහස් දැක් වූ ඔහු අවධාරණය කළේ, 

ගෝඨා -  දුමින්දව නිදහස් කරන සූදානමක් 

"දුමින්ද සිල්වා මෙරටට ප්‍රධාන වශයෙන් කුඩු ගෙන්වන කිහිපදෙනාගෙන් එක්කෙනෙක් බවට විශාල චෝදනාවක් තියෙනවා. ඒක රටේ රහසකුත් නෙමෙයි. එමෙන්ම ගෝඨාභය රාජපක්ෂ මේ වන විටත් තමන්ගෙ හිතවත් මිත්‍රයා දුමින්ද සිල්වා තමන් බලයට පත් වුනොත් නිදහස් කරන බවට පොරොන්දුවක් ලබා දීල තිබෙන නිසා යලි වතාවක් තමන්ගෙ කුඩු ව්‍යාපාරය පවා කිසිම බාධාවකින් තොරව එදා කරගෙන ගියා වගේ ආරක්ෂක අමාත්‍යංශයේ උපදේශක මන්ත්‍රීවරයෙක් හැටියට පත් කරගෙන එතුමට කුඩු ව්‍යාපාරය කරගන්න ලයිසන් එකක් රටට දීල තිබුණා. දැන් යලි වතාවක් එහෙම කටයුතු කරන්න තමයි මෙහෙම මඩ ගහන්නෙ.

ඇත්ත වශයෙන්ම ස්වර්ණවාහිනී ආයතනයට මෙම කටයුත්ත කිරීමේදී මුදල් අමාත්‍යංශය කිසිසේත්ම සම්බන්ධ වුණෙත් නෑ, සම්බන්ධ වුණා නම් සම්බන්ධ වුණේ මහා බැංකුව පමණයි. මේ අය කියන විදියේ සාකච්ඡාවක් හෝ මේ කියන විදියේ පුද්ගලයන් සහභාගී වුණේ නෑ. මේ අය කොච්චර මෝඩද කියනවා නම් චන්ද්‍රිකා බණ්ඩාරනායක මැතිණිය පවා මේ සාකච්ඡාවට හිටියයි කියන එකෙන් පැහැදිලි වෙනවා ගෝඨාභය රාජපක්ෂගේ ඒකාධිපති සිහිනයට විරුද්ධව ඉන්න සියලු දෙනාටම පහර ගැසීමේ මඩ කොන්ත්‍රාත්තුව භාරගෙන ඉන්නෙ හිරු ආයතනයේ රෙනෝ සිල්වා.

වැඩට බස් එකෙන් ආව රෙනෝ දැන් රටේ නමගිය පෝසතෙක් - හිටිහැටියේ එහෙම වුණේ කොහොමද ?

ඇත්ත වශයෙන්ම රෙනෝ සිල්වා ගැන කියද්දී කියන්න ඕන 1997 වසරේ චන්ද්‍රකා කුමාරතුංග මැතිණිය ඒබිසි මාධ්‍ය ජාලයට තරංග වෙන් කරපු වෙලාවේ එංගලන්තයේ ඩොක්ටලිත් සන්රයිස් හිමිකරුත් රොනී පිරිස් කියන ව්‍යාපාරිකයත් එකතු වෙලා හදපු මාධ්‍ය ආයතනයක්. ඒ ආයතනයට රෙනෝ ද සිල්වා ඇතුලත් වෙන්නෙ පුවත්පතක ගියපු දැන්වීමකට ඇප්ලිකේෂන් එකක් දාල සේවකයෙක් විදියට. බස් එකෙන් ඇවිල්ල එම රැකියාව භාරගත්ත රෙනෝ සිල්වා මහත්මයා දැන් මේ රටේ ඉන්න පොහොසත්ම හතර පස්දෙනාගෙන් එක්කෙනෙක්. අන්න ඒ නිසා කෙටි කලකින් මෙතරම් බිලියනපතියෙක් බවට රෙනෝ සිල්වා පත් වුණේ කොහොමද කියන ඒක වෙනම පරීක්ෂණයක් තියන්න ඕන.


මේ පාවිච්චි කරන්නේ රාජ්‍ය දේපොළ

හිරු ආයතනය රජය විසින් ලබා දීපු තරංග භාවිතා කරන්නෙ. තරංගයක් කියන්නෙත් රාජ්‍ය දේපොළක්. රජයේ දේපොළ මේ විදියට වගකීමකින් තොරව උල්ලංඝණය කිරීම සම්බන්ධයෙන් ඉදිරියේදී පත්වන රජය පරික්ෂා කළ යුතුයි."