''මව්බිම හා සිලෝන් ටුඩේ පුවත සාවද්‍යයි'' - සුමන්තිරන්



''සිංහලයා පැරදවිය හැක්කේ සජිත්ට ඡන්දය දුන්නොත් විතරයි'' - සුමන්තිරන් උතුරේ දෙමළ ජනතාවට කියයි' යනුවෙන් අද (13) දින 'මව්බිම' පුවත්පතේ මෙන්ම 'සිලෝන් ටුඩේ' පුවත්පතේ  'Sinhalese can be defeated Only by voting for Sajith' යනුවෙන් කර ඇති වාර්තාකරණය සාවද්‍ය වාර්තාකරණයක් බව සුමන්තිරන් සිය ට්වීටර් ගිණුමට පණිවිඩයක් යොමුකරමින් පැහැදිලි කර සිටියි. මෙම පුවත මීට පෙර 'අරුණ' පුවත්පතේද වාර්තා කළ බවත් ඔහු වැඩිදුරටත් පෙන්වා දේ.



අද උදෑසන පැවති මාධ්‍ය හමුවකදී නීතිඥ ශිරාල් ලක්තිලක ද මෙය සාවද්‍ය වාර්තාකරණයක් බව පෙන්වා දුන්නේය.