කාන්තා සනීපාරක්ෂාව ගැන කතා කළාට අනුර - සජිත්ට තුති පුදයි


කාන්තා සනීපාරක්ෂාව සම්බන්ධ ගැටලු දේශපාලන වේදිකාවට ගෙන ඒම සම්බන්ධයෙන් සජිත් ප්‍රේමදාස හට ස්තූතිවන්ත වන බව ජාතික ජන බලවේගයේ ජනාධිපති අපේක්ෂක අනුර කුමාර දිසානායක පසුගියදා මාතර දී පැවති ජන රැළියක් අමතමින් පැවසුවේය. 

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඔහු පෙන්වා දුන්නේ, 

‘‘එක වාර්තාවක් ගෙනහැර දක්වලා පෙන්නුවා පොදු ප්‍රවාහනය භාවිත කරන කාන්තාවන්ගෙන් 90%ක් එක්වරක් හෝ ලිංගික හිංසනයට ලක්වෙලා තියෙනවා කියලා. බස් එකේ 100ක් ගියොත් 90කම එකවරක් වත් බස් එකකදී ලිංගික හිංසනයට ලක්වෙනවා. ඒකෙන් 70%ක් ශාරීරික ලිංගික හිංසන.

අද කාන්තාවන්ගෙන් වැඩිම පිළිකා සංඛ්‍යාවක් තියෙන්නේ පියයුරු පිළිකා. අනෙක් එක ගැබ් ගෙළ පිළිකා. ගැබ්ගෙළ පිළිකා වලට ප්‍රධාන හේතුවක් බවට පත්වෙලා තියෙන්නේ පිරිසිඳු වැසිකිළි පද්ධතියක් නොමැති වීම.

මේ ළඟදී සජිත් ප්‍රේමදාස මතු කළ ප්‍රශ්නය. එයාට ස්තූතිවන්ත වනවා ඒ ප්‍රශ්නය මතුකරපු එක ගැන. ඒක දේශපාලන වේදිකාවට ගෙනාපු එක හොඳයි. අපේ කාන්තාවන්ගෙන් 70%ක් අනාරක්ෂිත විදියට තමයි ඒවා කටයුතු කරමින් තිබෙන්නේ. 30%යි පිරිසිඳු ලෙස ඒක කරමින් තියෙන්නේ. ඒක ප්‍රශ්නයක් අපේ රටේ.” යන්නයි.